උකසට තියා කිරි ඉතිරීම

සිහලූන් ජනවාරි පළවෙනිදාටත්, අප්‍රියෙල් 14 වනදාටත් කිරි උතුරවයි. ඊට අමතරව අතරින් පතර නොයෙකුත් කාරණා හේතු කොට ගෙන නකතට කිරි උතුරවයි. වසර පහෙන් පහටත් කිසිවකුගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරි උතුරවයි. සබ්බ සිංහලේම තියෙන වචන එක්කාසු කොට ගෙන ආමන්ත්‍රණය කරයි. ක්‍රිස්තු පුර්ව 28200 දී මහා සම්මත මනු රජුගේ කිරුලු පැළදීමේ දින සිට කරගෙන එනවා’යැයි කියන මේ ක්‍රමයෙන් සෞභාග්‍යය කෙසේ වුවද, ඔවුන් ට්‍රිලියන ගණනක් ලෝකෙට ණය වීම හැර වෙන ලැබූ ලබ්බක් නැත.

ට්‍රිලියන ගණනක් ලෝකෙට ණයවුණු සිංහලයන්ගේ උතුරන කිරිවල සෞභාගය්‍ය ලොවටම යශෝරාවයක් වී ඇත. එය කොතරම්ද කිවහොත් බංගලිදේශයෙන්ද ණය ඉල්ලන තත්වයට පත්ව තිබේ. බොහොමයක් ජනයා අවුරුද්ද සැමරීමට තම සන්තකයේ තිබු යමක් උගස් කොට හෝ ණයට ගෙන අනතුරුව ඒවා සමතකයට පත් කර ගැනීමට වෙහෙසෙමින් එම ණය උගුලේම සිරවෙති. රටක් ලෙස පාලකයන් කරමින් සිටින්නේද එයමය. රාජ්‍ය ආර්ථික කළමණාකරනයේ දැක්ම පදනම් වී තිබෙන්නේම ණය ගැනීම මතය. ණය ගෙවා දැමීමට නම් ක්‍රමවත් අදායමක් තිබිය යුතුය. අදායම් නොමැති කල රටේ සම්පත් විකුණා දැමීමට සිදුවේ. වරායේ පර්යන්ත විකිණීමේ සිට, මන්නාරම් දුපත් විකිණීමෙන් නොනැවතී, කොළඹ වරාය නගරයේ ස්වෛරීභාවය බුලත් හෙප්පුවක තබා චිනාට දික් කිරීමට සිදුව තිබෙන්නේ එනිසාය.

කුමන ක්‍රමයකින් කවුරුන් බලයට පැමිණුනද ඔවුන්ට කල හැකි වන්නේ තිබෙන මේ සම්පත් විදේශයන්ට විකිණීම පමණි. කුමන දේශප්‍රේමී ලේබලය භාවිතා කලද අවසානයේ සිදු වන්නේ එම අලෙවි ඉරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම පමණක් බව අප ජනාධිපතිවරණයට කලින් ලියු ලිපියකින් අවධාරණය කර තිබිණි. එම ලිපිය ඔබට මෙතනින් කියවිය හැකිය.

රාජ්‍ය ණය, රාජ්‍ය අදායමට සාපේක්ෂව

අනිසි ආර්ථික කළමනාකරණයත්, මුල්‍ය ප්‍රතිපත්ති තම හිතවතුන්ට වාසි වෙන අන්දමට ක්‍රියාත්මක කිරීමත් නිසා පසු ගිය කාලය තුල දළ දේශීය අදායමට වඩා රාජ්‍ය ණය ඉහල ගොස් ඇති ආකාරය පහත නිරුපනය ඔස්සේ දැකිය හැක.

රාජ්‍ය ණය, දළ දේශීය අදායම සමග

ඔබට අද දින බොහෝ සුභ පැතුම් එක් වන්නට ඇත. ඒ අතර මිනිස්සුන්ට වස කවමින් තම ලාභය වැඩි කර ගැනීමට වෙර දරන ව්‍යාපාරිකයාත්, තම පවුලේ පරිභෝජනයට වෙනම කොටුවක් වගා කර ගන්නා ගොවියාත්, මේ සියලු දෙනා රකිමින් තම පවුලේ පැවැත්ම පමණක් සිතනා රාජ්‍ය සේවකයාත් සිටින්නට ඇති.

හොදට කිරි උතුරුවා ආරම්භ කල මේ අවුරුද්ද ඉදිරියට ඉතා අසීරු වනු ඇත. ඔබේ දරුවාට වස “පොඩ්ඩක්” කවන ගමන් ඔවුන්ගේ ලෙඩ දුක් වලට මුදල් වෙන් කිරීමටද අනාගතයේදී ඔබට සිදු වනු ඇත. ඔබට කිරි ඉතිරෙන නව වසරක්…!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: