කුමාරිගේ කථාව

(එක් සත්‍ය කතාවක් ඇසුරින්.)

අරුණැල්ලටත් පෙර අපහසුවෙන් අවදි වූ කුමාරි, සිය සයනය මත ඈදී ගත්තාය. ටික දිනෙක සිට ඉතා අපහසුවෙන් අවදි වන ඈ ගතට දැනෙන දැඩි නිදිමත මෙන්ම කෙඩෙත්තුව පිළිබදව මෙනෙහි කළාය. සිය සැමියා විදේශ ගත වූ දින සිට නිවසේ මෙන්ම සිය පුතුගේ වැඩ කටයුතු සියල්ල ද තනිවම සිදු කිරීමට ඇයට සිදු විය. තම එකම පුතුගේ අනාගතය සුභදායක කිරීම උදෙසා සිය සැමියාත් විදේශගතව ඉතා කර්කශ වූ දිවියක් ගෙවන බව ඈ දන්නීය. නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිය පුතුගේ අනාගත වියහියදම් අධික වන නිසා තමාගේ බලවත් පෙරැත්තය පිට සිය සැමියා විදේශ ගත කර ගැනීමට ඇයට හැකිවිය. එකළොස්වන වසරේ ඉගෙනුම ලබන කවිඳු පුතුගේ වර්තමාන වියදම් දෙස බලන විට ඒ පරිශ්‍රමය අපතේ නොයා ඇතැයි ඇයට සිතිනි. පසු ගිය වසරේ පන්තියේ මුල් සිසුන් තිදෙනා අතර සිටි කවිඳුගේ ඉගෙනීමේ කටයුතුවල මද පසුබෑමක් මෑතකදී සිට ඇති වුනද ඒ පිළිබද ඈ කනස්සලු නොවුවාය.

“දැන් කාලේ හැදෙන ළමයි, ඉස්සර වගේ නෙමෙයි මොලේ තියෙනවා. තාත්තාත් ලග නැති එකේ වැඩිය බල කරලා කරදර කරන්න හොද නෑ”.

සිතට නැගෙන දහසක් සිතුවිලිවල දෙකොන බැලු ඈ, අපහාසුවෙන්ම ඇඳෙන් නැගිට ගත්තී, මුළුතැන් ගෙට යාමට වෑයම් කළාය. දෑසෙහි නිලංකාරකමත් සමග ගතෙහි වූ අප්‍රාණික බව නිසා ඇද වැටීමට ගියද අපහසුවෙන් ඇඳවිට්ටම අල්ලා නැවත ඇඳ මතම වාඩි ගත්තීය.


“කවිඳු, අදත් පරක්කු වෙනවද පුතා එන්න”.

“ඔව් ඔව්, අදත් ක්ලාස් තියෙනවා. මට රුපියල් පන්සියක් ඕනි”.

“ඒ මොකට ද? “

“පොතක් තියෙනවා ගන්න”.

“එදත් මොකද්ද පොතක් ගන්න කියල පන්සියක් ඉල්ලා ගත්තනේ “

“එක ගත්තා. ඒ වෙන ක්ලාස් එකක් නේ”.

පුතුගේ අධ්‍යාපනය සදහා යොදන මුදල් පිලිබදව ඈ ගණන් බැලීම් සිදු නොකලාය. යෞවන වියේ පසුවන තරුණයන් විනෝදකාමී ලෙස ජිවත් වීමට ප්‍රිය කරන බව ඈ දන්නීය. ජිවිතයේ යථාර්තය හෝ ගැඹුරු බව අවබෝධ කිරීමට යාම ඔවුන්ගේ වයසේදී අසීරු දෙයක් බවද ඈ තේරුම් ගෙන සිටියාය.

පුතු පිටත්ව යෑමෙන් පසු ඉදිරිපස දොරටුව වසා දැමු ඇය කාමරයට පැමිණ සිය ඇඳ මත ඉඳ ගත්තීය. ඇඳ ඉදිරිපස ඇති අල්මාරියේ කැටපතින් පෙනෙන තම පෘෂ්ඨිමත්ව තිබු ගත දැන් කේඩෑරී වී ගොසිනැයි ඇයට සිතිනි. තම සැමියා විදේශගතව දැන් දේවසරකුත් ඉකුත් වී ඇත. ඉදිරි මාස කිහිපයෙන් පසු තම ආදරණිය ස්වාමියාගේ පහස ලබා ගැනීමට ඇයට හැකි වනු ඇතැයි ඈ සිතුවාය. පසු ගිය වසරේ මුල් භාගය තුල සිය පුතු අමතර පංති සදහා කැටුව යෑම ඈ ඉතා අකමැති කාර්යයක් වුවාය.  පුතුගේ යහළුවෙකුගේ මවක් වන ගයනිගේ සැමියාද විදේශගත සිටි අතර, ඇය හොද පතිනියක නොවුවාය. ඇයගේ පුතු පංතියට සහභාගී වූ පසු ඈ වෙනත් පුරුෂයෙකු සමග අසල පිහිටි ලැගුම්හලක් වෙත යන්නීය.  ඇතැම් විට ඈ පන්ති අහවර කිරීමට ප්‍රථම පැමිණීමටද අසමත් වන්නීය. එවිට තමාටද ඇය එනතෙක් ඇයගේ පුතු සමග බලා සිටීමට සිදු විය. දිනක් ගයනි ඇයගේ අනියම් පුරුෂයා හා සමග ඔහුගේ මිත්‍රයකුද කැටුව ආහ. ඇයගේ අරමුණ කුමක් දැයි වටහා ගත් කුමාරි කවිඳු පුතුට තනියම පංතියට යෑමට පුරුදු කොට, ඉන් පසු ඒ අසලටවත් නොගොසින් සිටීමට උත්සුක වුවාය.


“පුතා, ඇයි අද මෙච්චර පරක්කු? ‘

“අද ක්ලාස් එක ඉවර වෙන්න පරක්කු උනා”.

“හරි හරි, ගිහින් වොෂ් එකක් දා ගෙන එන්න. කාලා නිදා ගන්න. හෙට උදේ ඉස්කෝලේ යන්නත් එපැයි”.

කවිඳු ඇඟ සෝදා ගැනීමට ගිය පසු ඈ ආහාර ටික රත් කර ගත්තාය. පංති අහවර වී පැමිණි පුතුට ඔහු කැමති හොද උණුසුම් ආහාර වේලක් ලබා දීම ඇගේ සිරිතය. ආහාර ගෙන අවසන් වූ පසු මද වෙලාවක් පරිඝනක ක්‍රීඩාවක නිරත වූ කවිඳු මුළුතැන්ගෙට ගොස් කිරි වීදුරුවක් සකස් කොට සිය මවට පිලි ගැන්වීම ටික දිනෙක පටන් පුරුද්දක් ලෙස කරගෙන යන්නකි. කිරි වීදුරුව පානය කල ඈ සිය ජංගම දුරකතනයේ අළුයම පහ සටහන් කොට තම සයනයේ වැතිර ගත්තාය.


පසු දින අළුයම නිසි වෙලාවට අවදි වීමට ඈට නොහැකි විය. එලාම් හඬ ඇයට නොඇසිණ. කලබවූ ඈ සිය ජංගම දුරකතනයෙන් වෙලාව බැලුවාය . හයත් පසු වී විනාඩි පහලවක් ගත වී ඇත. කඩිමුඩියේ ගොස් පුතු ඇහැරවූ කුමාරි මුළුතැන්ගෙට දිව ගොස් තේ කෝප්පයක් සකස් කොට සිය පුතුට පිලි ගැන්වුවාය. ආහාර පාන සකස් කිරීමට තරම් වෙලාවක් නොතිබූ හෙයින් අසල කඩයට ගොස් ඉදියාප්ප මුල් දෙකක් රැගෙනවිත් එකක් සිය පුතුගේ කෑම පෙට්ටිය මත තැබුවාය.
කවිඳු පිටත්ව ගිය පසු ටික වෙලාවක් පුටුවක් මත ඈඳී ගත් ඈ මද වෙලාවක් ගිමන් නිවුවාය. හිසේ කරකැවිල්ලත් සමග ඇතිව තිබු ඕක්කාර ගතිය නිසා වෙහෙසට වඩා ගතේ තිබු අපහසුව ඈ පුටුව මතම දිගු නින්දකට ගෙන ගියහ.

පුරා පැයකටත් වැඩි කාලයක් නිදා සිටි කුමාරි මුළුතැන්ගෙට ගොස් සිය උදෑසන ආහාර වේල අපහසුවෙන් ගිල දැමීමට උත්සහ කළේය. කටවල් දෙකක් පමණ ඉතා අපහසුවෙන් ගිල දැමු ඇය තෙවැනි කට ගිල ගත නොහි වමනය කළාය.

“සිනි, ප්‍රේෂයි දෙකම වැඩි වෙලාද කොහෙද… ඩොක්ටර් ගාවට නොයා හරි යන එකක් නෑ දැන්නම්” සිතු ඈ මුහුණ සෝදා පිළියම් වී පාරට ගොස් ත්‍රී රෝද රථයක් නවතා ගත්තේය.


“නම”

“කුමාරි”

“වයස”

“39”

“මොකද්ද අසනිපේ “

“මට ප්‍රෙෂර් වැඩි වෙලාද දන් නෑ ඩොක්ටර් උදේ ඉදන් ඇගට හරි අමාරුයි… හිසේ කරකැවිල්ලත් එක්ක වමනෙට යන්නත් එනවා…. ටික දවසක ඉඳන් උදේට නැගිටින්නත් හරිම අමාරුයි… ඇඟට පණ නෑ වගේ… තද නිදි මතක් දැනෙනවා”

“ෂුගර් වලට එහෙම බෙහෙත් බොනවද”

“නෑ ඩොක්ටර් එහෙම කිසිම බෙහෙතක් බොන්නේ නෑ තාම”.

“වමනේ ගියාද “

“ඔව්, එක පාරක් ගියා”

“හ්ම්ම්, අපි බලමු”

රුධිර පීඩනය ද මැන බැලු පළපුරුදු වෛද්‍යවරයා සිය දකුණතේ ඇඟිලි තුඩු කුමාරිගේ අත්ලෙහි මැණික් කටුව මත තබා නිසි අවධානය යොමු කළේය. අනතුරුව සිනා මුසු මුහුණින් කුමාරි දෙස බලා,

“කලබල වෙන්න දෙයක් නෑ… සතුටුදායක දෙයක් තමයි… කවදාද අන්තිමට මෙන්සස් උනේ? “

“නෑ නෑ ඩොක්ටර් එහෙම වෙන්න විදියක් නෑ. ටික දවසකින් මෙන්සස් උනේ නම් නෑ තමයි. එත් මගේ හස්බන්ඩ් ඉන්නේ රට… දැන් අවුරුදු දෙකක් වෙනවා. ඩොක්ටර්ට වැරදිලා”

“මට නෙමෙයි මං හිතන්නේ ඔයාට වැරදිලා … ඕනිනම් එච්. සී. ජි. ටෙස්ට් එකක් කරලා බලන්න ඇතුලට ගිහිල්ලා…” යැයි පවසා මාතෘත්වය පරික්ෂා කරන උපකරණයක් අතට ගත්හ.

කිසිදු චකිතයකින් තොරව පරීක්ෂණ කට්ටලය ලබා ගත් කුමාරි, ලබා ගත් මුත්‍රා සාම්පලය රැගෙන හෙදිය වෙත ලබා දුන්නාය.  මද වෙලාවකින් පරීක්ෂණ උපකරණය රැගෙන ආ හෙදිය එය වෛද්‍යවරයා අත තැබිණ. එය මනා ලෙස පරික්ෂා කල වෛද්‍යවරයා,

ඔව්, මන් කිවුව එක හරි. ඔයා ප්‍රෙග්නන්ට්”

වෛද්‍යවරයාගේ කතාවෙන් අන්දමන්ද වූ කුමාරි සිය කුස මත අත තබා ගත්තීය. තම ජීවිතය පාලු කතරක අතරමං වූ සෙයක් ඇයට දැනින. තම සැමියාගේ පහස මිස වෙන පහසක් සිතින් පවා නොපැතූ ඇයට සිදු වුයේ කුමක්දැයි නිශ්චය කර ගත නොහැකි විය. ඇසුරු ක්ෂණයක් පාසා ගලා ගෙන එන සිතුවිලි ගොන්න අද වලාකුළු රහිත නීල අවකාශයක් සේ වී ඇතැයි ඇයට සිතින. ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නයක්දැයි සිතා ගත නොහැකි වූ ඈ කදුළු පිරි දෑසින් වෛද්‍යවරයාගේ මුහුණ දෙසම බලාන උන්නාය.

ඇගේ නොසන්සුන් මනස තේරුම් ගත් වෛද්‍යවරයා ඇයව සන්සුන් කිරීමට සිතා,
“ඕගොල්ලෝ පරිස්සම් උනේ නැද්ද?”

“පරිස්සම් වෙන්න දෙයක් උනේ නෑ ඩොක්ටර්, මගේ හස්බන්ඩ් ඉන්නේ රට, දැන් අවුරුදු දෙකක් වෙනවා. වෙනත් කිසිම සම්බන්ධයක් තිබ්බේ නෑ මට.”

වෛද්‍යවරයාටද එය උභතෝකෝටිකයකි. පසු විපරමක් කර බැලිය යුතු යයි සිතු ඔහු,

“ගෙදර කවුද වෙන ඉන්නේ ?”

“මායි මගේ පුතයි විතරයි.”

“පුතාගේ වයස කියද? “

“අවුරුදු 16යි.”

“මට කියන්න විස්තර… කොහොමද දවස ගෙවෙන්නේ? “

කුමාරි සිය දවස ගෙවන ආකාරය විස්තර කලාය. කලබල වූ ඈ හට සිදුවීම් පෙළ නිසි පරිදි පෙළ ගැස්වීමට නොහැකි වුවාය. නිරවුල් මනසිකින් යුක්ත වෛද්‍යවරයා සිදුවී ඇති දේ අනුමාන කොට වටහා ගත්තේය. නමුත් ඔහුගේ අනුමානය ඇයට කෙසේ නම් පවසන්නද යන්න ගැටලුවකි.

“ජිවවිද්ද්‍යත්මකව දරුවකු පිළිසිද ගන්නේ ගැහැනියක් පිරිමියෙක් හා සම්බන්ධවීමෙන්. දැන් ඔයා කියන විදියට එහෙම සම්බන්ධයක් තිබිල නෑනේ. ඔයාට විශ්වාසද ඒක?”

“ඔව්, ඩොක්ටර් සීයට සීයක්ම..”

“හොදයි…, කලබල වෙන්න එපා. නොදැනුවත්ව උනත් එහෙම වෙන්න පුළුවන්. ඔයා අද යන්න. මන් කියන විදියට කරන්න.

වෛද්‍යවරයාගේ උපදේශය අනුව කුමාරි නිවාස බලා පිටත්ව ගියාය. ඇගේ මනස අවුල් ජාලයකි. කල යුතු කිසි දෙයක් ඇයට සිතාගත නොහැකි වුවාය. කෙමෙන් අදුර වැටෙද්දී කවිඳු නිවෙස බලා ආවේය. ඔහුට ආහාර පාන පිළියෙළ කල ඈ ඔහු ආහාර ගන්නා දෙස බලා සිටියාය.  කුඩා කල තම ඇඛයේ කිරි බී වැඩුණු පුතු අද ඉලන්දාරියෙක් වීමට එතරම් කාලයක් ගත වුනිදැයි ඈ කල්පනා කළාය. සිය පුතු තම සුලගිල්ලේ එල්ලී තමාවත් ඇදගෙන තරුණවියට ඉගිල්ලී ගොසිනැයි ඈට සිතිනි. ඒ පසුපස හඹා ගිය ඇයට පසු විපරමක් කිරීමටවත් කාලයක් නොතිබිම පිළිබඳව ඈ කණගාටු වුවාය.

කවිඳු පුතු ආහාර ගෙන අවසන් වූ පසු මුළුතැන්ගේ පවිත්‍ර කොට, ඈ තම කාමරයට ආවාය.
” අම්මේ, කිරි එක බොන්න “
” හා, තියන්න පුතා මන් බොන්නම්…. ඔයා ගිහින් නිදා ගන්න දැන් දහයත් වෙලා”.

කිරි වීදුරුව කණ්නාඩි මේසය මත තැබූ ඔහු ඉන් පිටව ගියපසු ඈ පැමිණ සිය කිරි වීදුරුව අතට ගෙන තම ඇස් මට්ටමට උස්සා ඒ දෙස හොදින් බැලුවාය. එහි කිසිදු වෙනසක් ඈට නොපෙනුනද ශබ්ද නොනැගෙන සේ පියවර තැබූ ඇය කිරි විදුරැව වැසිකිලි වලට හලා නොසොදාම ගෙනවිත් කණ්නාඩි මේසය මතම තැබුවාය.

වෙනදා මෙන් නින්ද ඈ අහලකටවත් නොවිය. තම කුසෙහි වැඩෙන දරුවාගේ අනාගතය කුමක් විය හැකිද? අන් මවුවරු තම කුසෙහි සිටින දරුවාගේ පියා පිළිබඳව අනුමාන වශයෙන් දැනගෙන සිටිය හැකි වුවද ඈට ඒ පිලිබඳ ඉඟියක් හෝ නොවිය. තමා වැටී සිටින තත්වය පවසන්නට කෙනෙකු හෝ ඊට පිළිතුරුක් දිය හැකි කිසිවකු ඈට සිහි වන්නේ නැත. නොනිදා සිතුවිලි අතර සක්මන් කරන ඈට තම කාමරයේ දොර රෙද්ද ඉවත් කරනු පෙනින. අඩවන් දෑසින් ඒ දෙස බලා සිටි ඈ ඒ තම කවිඳු පුතු බව අවබෝධ විය. කවිඳු කාමරයට පැමිණ තමා හිස් කල කිරි විදුරැව අතට ගෙන එහි කිසිවක් නොමැති බව දැන එතනම තබා පිටව ගියහ.

ඉන් සුළු මොහොතකට පසු ඉදිරිපස දොරටුව විවෘත වන හඬ සියුම්ව ඇසිණ. මේ මැදියම් රෑ යම් කෙනෙකු තම නිවසට ඇතුළුවන බවත් කිසියම් කසුකුසුවක් සිදුවන බවත් ඇයට දැනින. කිසියම් බියක් තම සිත තුලට ඇතුළුවන බව සිය හද ගැස්මේ වේගයෙන් ඈට තේරුම් ගත හැකි විය. සිය ලයෙහි හද ගැස්ම වැඩිවනවාත් සමග ඈ තම දෑස් තදින් වසා ගත්තාය. මිනිත්තු කිහිපයකට පසු දොර රෙද්ද ඉවත් කර කාමරයට එබී බැලු අමුත්තා පැමිණ සිය ඇඳ මත වාඩි ගත්තේය. තමාගේ ගත වසා තිබු ඇතිරිල්ල ඉවත්කර තම කලවා ස්පර්ශ කරනවාත් සමගම ඇයට කෑ ගැසින. නොසිතු අවස්ථාවක, නොසිතු විලාපයකට මුහුණ පෑමට සිදු වීම නිසා කලබලයට පත් වූ අමුත්තා කාමරයෙන් පැන දොරටුව දෙසට දුවනවාත් සමගම ඉදිරියට පැමිණි කවිඳුවද තල්ලු කර පැන දිවුවේය.


සිය සැමියා වූ සමන්ත පොලිසිය පැමිණ රැගෙන යන ආකාරය ඈ නිසොල්මන්ව බලාගෙන සිටියාය. ඊට විරුද්දවිමට ශක්තියක් හෝ හැකියාවක් ඈ හට නොවිය. තම එකම පුතු සමාජයට නොවෙතත් තම පවුලට හෝ සුභදායක පුද්ගලයෙකු කරගැනීමේ මෙහෙවරින් ඈ අසමර්ථ වුවාය. මවක් ලෙස සිය පුතුගේ චර්යාවන් හදුනාගැනීමට ඈ හට නොහැකි වුවාය. සමාජය විසින් මිනිසුන් යාන්ත්‍රික සත්වයින් බවට පත් කර ඇත. උදැසන අවධි වන මිනිසුන් සැමදාම එකම ක්‍රියාවලියක කොටස්කරුවන් වී ඇත. ඉන් ඔබ්බට යමක් කිරීමට හෝ සිතීමට අන් කවරෙකු නොවුවද,  මවක් ලෙස තමාද අසමත් විය. තම පවුලේ එකම පුතු තම පියාගේ රැකවරණයේ හෝ උණුසුමේ ලුහුඩුව මත්ලෝලිත්වයෙන් පුරවා ගනු ලබා තිබිණ. මවක් ලෙස පුතුගේ වෙනස් වීම අවබෝධ කර ගැනීමට නොහැකි වීම පිලිබදව දැන් කණගාටු වී ලබා ගත හැකි යමක් නැත. තම පුතු මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් සෙවීමට ලේ කිරි කල ලැමත්, උර දුන් ඇකයත් පිටස්තරයින්ට විකිනීමට තරම් අකාරුණික විය. සිය එකම පුතුගේ අනාගතය යහපත් කිරීමට දහසක් සෝ සුසුම් මැද පවුලේ උණුසුමද නොලැබ දහදිය හෙලු පියකුට ඔහු අතින්ම තම පුතු මරා දැමීම තරම් අභාග්‍යයක් තවත් නොවිය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: