
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, ඉන්ද්‍රිය වග්ගයේ, සුගත විනය සුත්‍රය ඇසුරෙනි.
‘‘කතමො ච, භික්ඛවෙ, සුගතවිනයො? සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. අයං, භික්ඛවෙ, සුගතවිනයො. එවං සුගතො වා, භික්ඛවෙ, ලොකෙ තිට්ඨමානො සුගතවිනයො වා තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.”
තථාගතයන් වහන්සේ දෙසු ධර්මය මුල, මැද,අග, මනා ලෙස, පරිපුර්ණ ලෙස දේශනා කරන, සුපිරිසිදු බ්‍රහ්මචරියාව දෙසන ලද දහමකි. මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ හෝ සුගත විනය හෝ ලොවෙහි පැවතුනේ වී නම්, ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස සුව පිණිස වෙයි.
‘චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති දුන්නික්ඛිත්තෙහි පදබ්‍යඤ්ජනෙහි. දුන්නික්ඛිත්තස්ස, භික්ඛවෙ, පදබ්‍යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො හොති. අයං, භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
මහණෙනි, මේ සතර කරුණු එකක් හෝ කිහිපයක් සාසනයේ පිරිහීමට හෝ අතුරුදහන් වීමට හේතු වේ. ඒ කවරේදයත්, මහණෙනි, මේ සස්නෙහි මහණහු, දෙසු සුත්‍ර ධර්ම වැරදි පද වලින් අර්ථවියරණය කරත්ද, ඒ සුත්‍ර ධර්ම වලින් දෙන අර්ථයද දුර්වල වේ. මේ පළවෙනි කරුණ සාසනයේ පිරිහීම පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වේ.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ දුබ්බචා හොන්ති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං, භික්ඛවෙ, දුතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.”
තවද මහණෙනි, මහණහු නැති ගුණ හගවන ලාමක ගති ඇත්තෝ වෙත්ද, එවැනි නැති ගුණ හගවන කරුණු ඇත්තෝ වෙත්ද, අවවාද නොපිලිගන්නෝද, නොඉවසන්නෝද, මේ දෙවෙනි කරුණ සාසනයේ පිරිහීම පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වන්නේය.
‘‘පුන චපරං, භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ න සක්කච්චං සුත්තන්තං පරං වාචෙන්ති. තෙසං අච්චයෙන ඡින්නමූලකො සුත්තන්තො හොති අප්පටිසරණො. අයං, භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.”
නැවතත් මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් බහුශ්‍රුතද, උගත් ආගම ඇත්තේද, ධර්මධරද, විනයධරද, මාතෘකාධරද, ඔවුහු සැලසුමකින් තොරව දේශනා අනුන්ට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍ර දේශනා සිඳුනු මුල් ඇත්තේ වේ ( මුල, මැද, අග නොපිලිවෙල වේ ). පිහිටක් නැත්තේ වේ. මහණෙනි, මේ තුන්වෙනි කාරණය සද්‍ධර්‍මයාගේ පිරිහීම පිණිස, අතුරුදහන්වීම පිණිස පවතී.
‘‘පුන චපරං, භික්ඛවෙ, ථෙරා භික්ඛූ බාහුලිකා හොන්ති සාථලිකා, ඔක්කමනෙ පුබ්බඞ්ගමා, පවිවෙකෙ නික්ඛිත්තධුරා, න වීරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති බාහුලිකා සාථලිකා, ඔක්කමනෙ පුබ්බඞ්ගමා, පවිවෙකෙ නික්ඛිත්තධුරා, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං, භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්තී’’ති.
තවද මහණෙනි, භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල ලෙස ඇත්තාහු වෙත්ද, ධර්ම විනය ලිහිල් කොට ගත්තාහු වෙත්ද, පංචනීවරණ පූරණයෙහි පෙරදැරි වෙත්ද, භාවනාවෙහි වීර්ය හළ ඇති අය වෙත්ද, නොලත් මාර්ග ඵලයන්ගේ පැමිණීම පිණිසත්, පසක් නොකළ ඵලයාගේ පසක් කිරීම පිණිස වීර්ය නොකෙරෙත්ද, එය සාසනයේ පිරිහීම පිණිසත්, අතුරැදහන් වීම පිණිසත් පවතී.
මෙහිදී භික්ෂුහු, තමන්ට ලැබිය යුතු ප්‍රත්‍ය අඩු වෙතැයි, තණ්හා දුෂ්ටි ඇතිව, පංචනීවරණයෙහි හැසිරෙත් ද, ධර්මයෙහි මුලික හරයන් ලිහිල් කොට ගත්තේ වේද, ඔවුහු ධර්මයේ පිරිහීම පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වනවා විනා, එහි පිබිදීම හෝ රැකීම පිණිස හේතු නොවන්නේය. ධර්මයද, ජාතියද, ,රටද, අන් සියලු දෑ මෙන්අනිත්‍ය වශයෙන් නොගන්නෝ, කවර බෞධයෙක්ද? බාළ සංග්‍ය ඉදිරියේ අමනෝඥ හැසිරීමෙන් කවර ආදර්ශයක් ලැබේද? මහ ප්‍රාඥතෙමෝ, තම දේශයත්, කුලයත්, ජාතියත්, අතහැර, රජකම ලබාදීමට සිටි සිය මළනුවන්ද අනිත්‍ය සංස්කාරයන් වටහා දී බව කෙලවර කළ මනා, එතුමන්ගේ කලියුගයේ අනුගාමිකයින් අද කෙළනා පරිණයනය රමණියද?
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
ප්‍රතිචාරයක් ලබාදෙන්න