ඥානසාර අවදිවන්න – අතුරලියේ අවදිවන්න

ඥානසාර අවදිවන්න – අතුරලියේ අවදිවන්න
විල්පත්තුවේ රුක් දෙවිවරු බේරගන්න අවදිවන්න

සිංහරාජේ රුක් දෙවිවරු වෙනත් වනයකට වඩිවී
ආනවිළුන්දාව පුරා ඉස්සන් කොටුවෙන් පිරේවි
කළු නදියේ ඉවුරු තලා ගං මෝයෙන් පිට පනිවි
කඩොලානෙන් රැකුණු සතුන් ඉකි බිඳබිඳ දැන් හඩාවී

ඥානසාර අවදිවන්න – අතුරලියේ අවදිවන්න
කුරුණෑගල වඳ කොත්තුව නොදී සිහෙලු බේරගන්න

සාගරයේ අසුර කොටස් දැන් ගොඩබිම මත පිරේවි
පහාරාද කිවූ මළකුණු වෙරළ අයිනේ ගොඩ ගසාවි
අනාගතේ බොදු දැරියන් කොළඹ පුරා වහල් වේවි
නහාය තැළුණු සුදු මිනිස්සු අග නගරේ රජ කරාවි

ඥානසාර අවදිවන්න – අතුරලියේ අවදිවන්න
ගව ගාලෙට නායකයෙක් සොයා ගන්න අවදිවන්න
..

2 thoughts on “ඥානසාර අවදිවන්න – අතුරලියේ අවදිවන්න

Add yours

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය “3. බ්ලොග් සඟරා” කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Website Powered by WordPress.com.

ඉහළ ↑