යුරෝ මිලියන 22 ක ආධාර තවමත් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර නොමැති බව යුරෝපා කොමිසම තහවුරු කරයි.

පසු ගිය දිනවල කොවිඩ් වසංගතය සදහා ලැබුණු විදේශ මුදල් පිලිබදව කතිකාවතක් ඇතිව තිබිණි. විපක්ශ කියා සිටියේ රජයට එම මුදල ලැබී ඇති බවත් එමගින් ජනතාවට සහන සැලසිය යුතු බවත්ය. රජය අවධාරණය කර සිටියේ එම අරමුදල් තවමත් ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවයි.

එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සදහා අප වෙබ් අඩවිය යුරෝපා සංගමයෙන් ඒ පිලිබදව විමසීමක් සිදු කෙරින. එහිදී යුරෝපිය කොමිසමේ සන්නිවේදනය පිළිබද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන පී. ඒ. හැන්සෙන් මහත්මිය ප්‍රකාශ කර තිබුනේ එම අරමුදල් තවමත් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවත් මේ වසරේ තුන් වන කාර්තුව පමණ වන විට එම අරමුදල් ලබා දීමට යුරෝපිය කොමිසම පියවර ගනු ඇති බවයි.

EUROPEAN COMMISSION-page-001එම අරමුදල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි කර්මාන්ත හා සංචාරක කර්මාන්තවල අභිවෘධිය සදහා සපයා ඇති බව තව දුරටත් පැහැදිලි කර තිබේ. ඒ පිළිබද යුරෝපා කොමිසමේ ලිඛිත ප්‍රකාශය ඉහතින් දැක ගත හැකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Website Powered by WordPress.com.

ඉහළ ↑