පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අතර සීග්‍රයෙන් පැතිර ගිය චිත්‍ර ඇදීමේ නාඩගම දැන් පාස්කු ප්‍රහාරයක් මෙන් දියාරු වී ගොස් බැදුම්කර වංචාවක් මෙන් නැත්තටම නැතිවී තිබේ. එක් රජයක් පරාජය වී නව රජයක් බලයට පත් වූ පසු ශ්‍රී ලාංකික බහුතරයක් ජන්ද දායකයන්ගේ මානසිකත්වය කොතරම් අල්පද යන්න දැක ගැනීමට හැකි එක් කදිම අවස්ථාවකි. ඔවුන් බොහෝමයක් තමන් පත්කල අපේක්ෂකයා සෞභාග්‍යය දොරේ ගලන, සංවර්ධනය උතුරන රටක් දැන් දැන් නිර්මාණය කරනු ඇතැයි සිහින මවමින් සිටිති. ඔවුන් පත්කල පාලකයා එම බලාපොරොත්තු, සීනි වලට ගැසූ බදු මුදලක් සේ ඉවත් කොට, පිළිකා කාරක ලූ පොල්තෙල් ගුදමක් මෙන් බැහැර කොට දමයි. අවසානයේදී බහුතරයක් ලැබූ සහනයක් හෝ නීතිමය පිළිසරණක් නොමැතිව, අසලවැසියාත් පරිසරයත් දුර්ගන්ධවත් කරමින් අධෝ වාතයෙන් කල් මරමින් සිටි.
2015 වසරට සාපේක්ෂව 2020 වසරේදී ලියාපදිංචි වී සිටි නවක ජන්දදායකයන්ගේ සංඛ්‍යාව 838,640කි. එය 2015 වසරට සාපේක්ෂව 5.4% වැඩි වීමකි. මොවුන්ගෙන් බොහොමයක් එම චිත්‍ර ඇඳීමේ කාර්යයට ක්‍රියාශීලිව දායකවුවෝ යැයි සිතිය හැකිය. දේශපාලනයේ නිසි අත්දැකිමි නොමැති, වසර 73ක් නොමග ගිය වැඩිහිටියන්ගේ අදහස්වලින් පෝෂණය වු ඔවුහූ තෝරා ගන්නා ලද දේශපාලන බාලිකාවන් කරලියට පැමිණියේ, බලහීන සමයේ අහිමිව තිබු නීතිමය රැකවරණය පතා මිස අන් කරැණකට නොවෙි යැයි තේරැමි ගැනිමට නොහැකි වූ යෞවනයෝ වූහ. එම යෞවන සිත් තුල වූ ප්‍රමුදිත සිතුවිල්ල, තම රට හෝ ජාතිය පවත්නා තත්වයට වඩා නිවහල්, අදීන, අනෙක් රටවල ජාතීන්ට තම ජාතිකත්වය පිලිබදව ඇති ආඩම්බරය මෙන් වූ සවිශේෂ සිතුවිල්ලක් නොව, තම රට තුලම ඇති අනෙක් ජාතීන් යටපත් කර ඔවුන් තමන්ගේ අතවැසියන් බවට පත් කර ගැනීමේ තණ්හාවකි.
තමන් සහයෝගය දක්වන දේශපාලකයාගේ ඕනෑම පුරාජේරුවක් හෝ ගජබින්නයක් තමන්ගේ මුහුණුපොතේ දක්වමින් උද්දීපනය වන පුද්ගලයන් අප ඕනෑ තරම් දැක තිබේ, එහි නිවැරදිතාවය කුමක්ද, අසත්‍ය කුමක්ද යන්න තර්කානුකූලව ගලපා ගැනීමට ඇති හැකියාව බොහෝ දෙනෙකුට නැත. නොඑසේනම් එසේ තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ශ්‍රී ලංකික දේශපාලනය නැමැති අසුචි වලේ, පෙර ගමන්කරු වන්නේ “මුල්‍ය ප්‍රතිලාභයයි”. ගොවියා තමාට අවශ්‍ය පොහොර නොමිලේ දෙන, ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරයට අදාල සහන දෙන, ගස් කපන්නෙකු තමන්ගේ ගස් කපා ගැනීමට අවශ්‍ය නිදහස දෙන, පස් කපන කෙනෙකු තමන්ගේ පස් කපා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන, කසිප්පු ව්‍යාපාරිකයෙක් නම් ඔහුට එය කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව සලසන, කිසිවක් නොකරන කෙනෙක් නම් අවම වශයෙන් රැකියාවක් ලබා ගැනීමට හෝ යන මුල්‍ය කාරණා මූලික කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නවා විනා ඔවුන්ගේ ප්‍රතිපත්ති, පුද්ගල චරිතයන් හා චර්යාවන්, සුදුසුකම් හෝ පරිණත බව යනාදිය නොසලකයි.
මේ ලිපියේ අරමුණ අලුතෙන් චන්දදායක ලැයිස්තුවට එක් වූ, නවක වැඩිහිටි පරපුරට නිවැරදි අපේක්ෂකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය ඉඟියක් සැපයීමයි. ශ්‍රී ලංකාව දැන් හාත්පසින්ම දූෂිත රටකි. දූෂිත වූ අංශ පිළිබඳව අප විශේෂයෙන් කිව යුතු නොවේ. මේ දූෂිත වූ පද්ධතිය මත ජිවත් වන බොහෝ පුද්ගලයන් මේ රටේ නීති සකස් කිරීමේ සිට රට මෙහෙයවීමේ ක්‍රියාවලිය සිදු කරති. ඔබට නිවැරදි නායකයෙකු තෝරා ගැනීමට අවශ්‍යනම් ඔබ මුලින්ම කල යුත්තේ, නීතියේ ස්වාධීනත්වය හා ආධිපත්‍ය ස්ථාපිත කල හැකි, පුද්ගලයෙකු තෝරා ගැනීමයි. නීතියත් එහි ස්වාධීනත්වයත් බිඳ වැටිය නොහැකි ලෙස ස්ථාපිත වන්නේ යම් දිනෙකද, බලය හෝ ධනය මත නීතිය ක්‍රියාත්මක නොවන දිනක් වන්නේද, එදිනට ශ්‍රී ලංකාවද අළු ගසා නැගිටින දිනයක් වනු ඇත. ශ්‍රී ලංකාව ඉතා අපූරු, සුන්දර දිවයිනක්ව තිබිණ. ආදර්ශවත් නිදර්ශන සැපයු පෙර රජවරුන් රටේ නායකයන්ව සිටි අතර ධර්මය සේසතක් කර නිවැරදි මග පෙන්වීමට ධර්මධර භික්ෂුන් වහන්සේලා වැඩ සිටියහ. දැන් ඉතින් වංශේ කබල් ගෑමෙන් පළක් නැත. එබැවින් වගකීම ඇත්තේ පාලකයන්ට නොව ඔබ අතය.
අනේද කියන්නේ..
කැමතියිකැමතියි