සුනිල් රත්නායක නිදහස් කල යුතුද?

12

දේශපාලනික වශයෙන් අවිංඥානික පුද්ගල සංතානයන්හි ඇති දේශප්‍රේමී හෝ ජාතිවාදී මනෝභාවයන් උපයෝගී කර ගනිමින් ඇතැම් දේශපාලකයන් පසු ගිය මැතිවරණ සමයෙහි ඉස්මතු කරන ලද සුනිල් රත්නායක නම් ඝාතකයාගේ නිදහස සමරමින් තිබේ. සමාජ මධ්‍ය යොදා ගනිමින් ඔහුට සම්බන්ධ පිරිස් ගෙන ගිය ගොබෙල්ස්වාදී න්‍යායන් ඉතා සාර්ථක ලෙස අරමුණු ඉටු කර ගැනීමෙහි ලා සමත් වුවද ඔහුගේ හෘද සාක්ෂිය හා ස්වභාවධර්මයාගේ දඩුවමින් ඔහුට ගැලවීමට නොහැකි වනු ඇත.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර විවිධ පුද්ගලයන් සිටි. ඔවුන් බොහොමයක් උගත් හෝ පරිණත පුද්ගලයන් නොවේ. ඔවුන්ගේ ජාතිවාදී සහ දේශප්‍රේමී අදහස් ඉතා ඉක්මනින් අවුළුවා ගත හැක. එවැනි කාර්යයක් ඉතා සාර්ථක ලෙස කර ගැනීමට හැකිවූ පුද්ගලයෙක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් හැදින්විය හැකිය. ජර්මානු ජාතිය මහා ශ්‍රේෂ්ට ජාතියක් වශයෙන් ජනගත කර ඔහුට අවශ්‍ය බලය ඒකරාශී කර ගැනීමට ඔහු යොදා ගත්තේ ජාතිවාදය නැමැති හැගීම් ය. එහි වැරදි නිවැරදි බව ජනතාවට තේරුම් ගියේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේදීය. 1983 ජුලී 23 වන දින සිදු වූ දෙමළ කෝලාහලයත් එවැනි ජාතිමාමක හා දේශප්‍රේමී හැගීම් අවුළුවා සිදු කරන ලද ප්‍රහාරයකි. එවකට ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයත් එම ප්‍රහාර පිටු පස සිට ඔවුන්ට අත්වැල් සැපයු බව රහසක් නොවේ. එය 26 වසරක් ජිවිත බිලිගනිමින් ඇති වූ යුද්ධයට මුලික අඩිතාලමයි. එදා සිදු වූ ඒ දේශප්‍රේමී හෝ ජාතිවාදී ප්‍රහාරයන් සාධාරණිකරණය කරන පුද්ගලයන් අද සමාජය තුල අවමය. ඒ ඔවුන් එම ප්‍රහාරයේ ආදීනව විද ඇති නිසාය. එසේම වර්තමානයේ සිදු වන එවැනි ක්‍රියාවන් හි ප්‍රතිපල විදින්නට සිදු වන්නේද අනාගතයට ය.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඔවුන් බෙදා හරින තොරතුරුවල සත්‍ය අසත්‍යතාවයවත් හරියට නොදනී. ඒවා තේරුම් කර ගැනීමට තරම් පැසුණු බුද්ධියක් ඇතැමුන්ට නැත. නොඑසේනම් අන්අයට තමුන්ගේ දේශප්‍රේමී බව පේන්නට, ඇතැමුන් එය තම පිටු තුල බෙදා ගනිති. ඇතැමුන් තමුන් සහයෝගය දක්වන තම දේශපාලන පක්ෂයේ දැක්ම අනුව ඒවා බෙදා ගැනීම සිදු කරති. ඉතා කණගාටුදායක කරුණ වන්නේ මේ බෙදා ගැනීම් සිදු කරන බොහෝ අය එසේ බෙදා ගන්නේ කුමන කරුණක් අරභයාද යන්නවත් නොදන්නා අය වීමයි. මෙවන් පිරිස් ඉලක්ක කර ගෙන ඕනෑම ආකාරයේ ප්‍රචාරණයක් සිදු කල හැකි බව ඔවුහු දනිති. සුනිල් රත්නායක අරභයා ද එවැනි ව්‍යාජ ෆේස්බූක් පිටු බොහොමයක් තිබිණි. ඇතැම් ඒවා දැන් ක්‍රියාත්මක නැත. එම යාන්ත්‍රනය යොදා ගනිමින් ඔවුන් දැන් ඔවුන්ට සිදු කර ගැනීමට වූ බොහෝ දේවල් සිදු කර ගෙන ඇත.

සුනිල් රත්නායක මහියංගනයේ උල්පොත ජාතික පාසලේ ඉගෙනුම ලැබුවෙකි. 1995 දී හමුදාවට බැදුණු ඔහු හයවන ගජභා රෙජිමේන්තුවේ සේවය කර පසුව විශේෂ බලකායට අනුයුක්ත කෙරින. 2000 වසර මුලදී මාන්කුලම් හීදි මෝටර් ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇති අතර ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බව කියැවේ.
2000 වසර අවසාන කාලයේදී මිරුසුවිල් යනු රජයේ පාලන ප්‍රදේශයකී. එම ප්‍රදේශයට, ඝාතනයට ලක් වූ පිරිස පැමිණෙන්නේ තම දේපල බලා එහි බව බෝග එක් රැස් කර ගෙන යාමට වන අතර එය ඔවුන් පුරුද්දක් ලෙස සිදු කර තිබිණ. නිසි අවසරය අදාල බලධාරීන්ගෙන් ලබා ගෙන 2000 වසරේ දෙසැම්බර් මස දිනෙකත් ඔවුන් දිවාකල තම ඉඩමට පැමිණ නැවත පිටත්ව යාමට සැරසෙන මොහොතක සුනිල් රත්නායක ඇතුළු තවත් පිරිසක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන දෑස් බැද රැගෙන ගොස් කපා ඝාතනය කොට වැසිකිළි වලක සගවා තිබිණ. ඔවුන් 9 දෙනෙකුගෙන්යුත් නිරායුධ කණ්ඩායමක් වූ අතර අවුරුදු 5 සහ 13 වයස්වල දරුවන්ද ඔවුන් අතර විය. එම දරුවන්ගේ ද හිස් කදින් වෙන් කර එම වැසිකිළි වලෙහිම සගවා තිබිණ. ඔවුන් අතරින් කෙනෙක් වූ මහේෂ්වරන් නැමැත්තෙක් ඔවුන්ගෙන් කෙසේ හෝ ගැලවී දිවි බේරා ගත් අතර නඩුවේ ඇසින් දුටු සාක්ෂිය විය. එම පැමිණිල්ල හමුදාපතිවරයාට යොමු කරන ලද අතර හමුදාපතිවරයා එම පැමිණිල්ල පොලිසියට යොමු කර, හමුදා පොලිසියටද වෙන පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කෙරින. එම නියෝගය අනුව චුදිතයා අත්අඩංගුවට ගත් හමුදා පොලිසිය සුනිල් රත්නායකගේ කට උත්තරය අනුව ඔවුන් වල දමා තිබු එම වැසිකිලි වල යුධ හමුදා පොලිසියේ, මහේස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරී ඉදිරියේදී  සොයා ගත්හ. එම පරික්ෂණයන් සියල්ල යුධ හමුදා පොලීසිය විසින් යුධ හමුදාපතිවරයාගේ නියෝගය අනුව සිදු කෙරින.

2001 වසරේ සුනිල් රත්නායක ඇතුළු තවත් සැකකරුවන් පස් දෙනෙක්ට එරෙහිව අධි චෝදනා ගොනු කල අතර එම නඩුව අවුරුදු 15කට අසන්න කාලයක් විභාග විය. 2015 ජුනි මස 25 වන දින ඉහල අධිකරණය තම තීන්දුව ප්‍රකාශ කෙරුණ අතර සුනිල් රත්නායකට මරණිය දණ්ඩනය හිමි විය. ඉතිරි විත්තිකරුවන්ට වූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල නොහැකි වූ නිසා ඔවුන් නිදහස් කෙරින.

සුනිල් රත්නායක නම් ඝාතකයාට ක්‍රමවත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ මරණිය දණ්ඩනය දීමට වසර 15ක් ගතවූ අතර, රත්නායකට නම් එම නිරායුධ වැසියන්ට මරණිය දණ්ඩනය දීමට එක් දිනක්වත් ගත වුයේ නැත. අවුරුද් 5ක දරුවෙක්ට පවා ගෙල සිද ප්‍රාණය නිරුද්ධ කිරීමට තීරණය කිරීමට ඔවුන්ට එතරම් වෙලා අවශ්‍ය නොවිය. නීතියේ දඩුවම කෙසේ වුවද කර්මයේ දඩුවමින් ඔහුට ගැලවීමට නොහැකි වනු ඇත.

2 thoughts on “සුනිල් රත්නායක නිදහස් කල යුතුද?

Add yours

  1. ඕක මෙහෙමත් කියන්න පුලුවන්.

    අන්න පොඩි ලමයෙක් මරලලු

    මොකක්..? යකෝ මොන අසමජ්ජාති තිරිසන්නුද අහිංසක පොඩි උන් මරන්නේ..? ඕකුන්ව එල්ලල මරල මදි… දෙන්න ඕන රජකාලෙ දඬුවම්.. හමගහන්න ඕන පර බල්ලන්ව.. කොහෙද ඔය අහස පොළව උහුලන්නැති අපරාධෙ වෙලා තියෙන්නෙ..?”

    “මරල තියෙන්නෙ කොටි සහෝදරවරු . මැරිල තියෙන්නෙ මායිම් ගම්වල සින්හල ළමයෙක්..”
    “හා.. එහෙමද .. සිංහලද ..ද? එහෙ…ම.ද.. ඕක.. ඕ..ක සංකීර්ණ කාරණයක්.. ඕ..ඕක දිහා පැති කි…. කිහිපයකින් විශ්ලේෂණාත්මකව….. ඉඳගනින්කො ඔතනින්.. ම..ම.. මම මුළ ඉඳල කියල දෙන්නම් ඕකෙ හරි වැරැද්ද.. මෙන්න මේකනෙ කතාව…#$&=*&%”
    ***
    අපි බලන්න ඕන පීඩිත ජාතියෙ ප්‍රතික්‍රියා ප්‍රගතිශීලී ලෙස. වරද මහ ජාතික ස්වෝත්තමවාදයෙ. ඒ ජනතාවට ස්වයං පාලන අයිතිය දුන්නනම් ඕක වෙන්නෙ නෑ. දොස් කියන්න ඕන ඊලම නොදුන් ආන්ඩුවට.

    89 විප්ලවාවාදීන් සතුරන්ගෙ පවුල් පිටින් මරලලු.

    ඒක මෙහෙමයි . විප්ලවයකදි ඒක වෙනව. ලෙනින් සහෝදරයත් සාර් පවුල සමූලඝාතනය කලානෙ. වරද දනපති පන්තියෙ. ධනපතියන්ට කුලීහමුදාවෙ අයට ඒක වෙනව. පෙරලූ නැවුම් පස කියෙව්වද
    ලෙනින්ගෙ වෙලුම් කියවල එන්න. තව දේශපාලන දැනුම ඔයට මදි
    ධනපති පන්තිය සියවස ගානක් පොඩි ලමයි මැරුව . ඉතින් ඇයි නිර්දන පන්තියට බැරි

    Liked by 1 person

manju වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: