රන්ජන් රාමනායක තම දේශපාලන අනාගතය, ආත්ම සභ්‍යත්වය පසෙකලා ජුගුප්සාජනක කඩතුරාවක් විවෘත කොට තිබේ. ඔහු ශ්‍රී ලංකික දේශපාලනයේ ඇති පිළිකුල් සහගතභාවය සාධක සහිතව පෙන්වා දී ඇත. ඔහු මේ දේශපාලන සංස්කෘතිය තුල පමණක් නොව වැදගත් හා ප්‍රභූන් යැයි කියා ගන්නා පුද්ගල වණයන් හී දුර්ගන්ධය මැනවින් සමාජගත කර තිබේ. දේශපාලකයන් පමණක් නොව රංගධරයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විනිසුරන් මෙන්ම පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරින්ද ඔහුගේ නියැදියට හසු වී තිබේ. ඔහුගේ මෙම භූමිකාව තුල ශ්‍රී ලංකික ජනතාවට පෙන්වා දී ඇත්තේ තම තෝරා පත් කර ගැනීම් තුලින් බිහිවූ දේශපාලන පුලකයන් කොතරම් වසුරු ගොඩවල් වලින් පත් කරනු ලැබ ඇත්ද යන්නයි. නීතිය රකින්නන් යැයි කියා ගන්න බලධාරීන් කොතරම් නීච අයුරින් තම වෘත්තීය සදාචාරයන් අතික්‍රමණය කර ඇත්ද යන්න පමණක් නොව නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ යම් කිසි කොටසකට පමණක් වන බව ඔහු මෙම ක්‍රියාදාමය තුල ප්‍රත්‍යක්ෂ කොට තිබේ. යම් සාමාන්‍ය තැනැත්තෙකුට ප්‍රභූන් යැයි කියා ගන්නා කෙනෙකු සමග අරවුලකදී නීතියේ සරණ පැතීමට ගිය දිනෙක ඔවුන් සිටින මඩ ගොහොරුවේ තරම අවබෝධ වනු ඇත. නමුත් අවාසනාවකට බහුතරයක් ශ්‍රී ලංකික ජාතිය යනු තමුන්ට වූ අසාධාරණයට දිවි දෙවෙනි කොට සටන් කොට තම ආත්මාභිමානය රැක ගන්නා ප්‍රතිපත්ති ගරුක පිරිසක් නොව යම් කිසි ගත මනාවකට තම ආත්මාභිමානයම පාවා දී සිටින දීන හා අමන කොඨටාශයක එකතුවකි.
එම හඩ පටි තුලින් හෙළිවන ඔහුගේ හෝ අනෙකුන්ගේ ලිංගික දෙබස්, ලිංගික ජීවිතය හෝ රුචි අරුචිකම් පිළිබද අපට වැදගත්කමක් නැත. එයින් ගම්‍යමානවන ප්‍රසංවාදී දෑ පිලිබදව සවිංඥානික නොවී ලිංගික ඊර්ෂ්යාවෙන් පෙලෙන්නාවූ මානසික රෝගීන් එය ලගු කොට ඇත්තේ එවැනි විකෘති ආශ්වාදයක් ලැබීමට බව පැහැදිලිය. අති බහුතරයක් එවැනි දීන හා අමන සංකලනයකින් සෑදී ඇති ජාතියක අපට ඔවුන්ට වඩා හොද පුද්ගලයින් තෝරා ගැනීමට නොහැකිවීම පිලිබදව විශ්මයට පත් විය යුතු ද නැත. එකී ජාතික සංකලනයකින් යුත් තැනැත්තන්, එකී පුලකයන්ගේ අධෝවාතයත් මිහිරි ලෙසින් ගෙන තම අපරිණතයන් පෝෂණය කිරීමට තරම් ළාමක වෙති. පිළිගත යුතු කරුණු පසෙකලා තම දේශපාලන හා පුද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම පිණිස, ඒත්තු ගන්වන කරුණු පිළිගෙන ඒවා බෙදා හැරීම සදහා ඕනෑ තරම් මිනිස්සුන් එකී කුලකය තුල සිටිති.
රන්ජන් මෙම හඩ පට තබා ගත්තේ කුමන චේතනාවකින්ද යන්න අප නොදනී. කෙසේ හෝ එයින් වී ඇත්තේ හානියක් නොව අගය එකතුකිරිමකි. එම එකතු කිරීම තුලින් මහින්ද රාජපක්ෂගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා වූ ධුරාවලියේ පහලටම සායම දැන් රෙද්ද පල්ලෙන් සේදී ගොස් අවසානය. එසේ හෙයින් රන්ජන් යනු දැන් දෙපාර්ශවයටම පොදු සතුරකු වී ඇත.එනයින් ගත් කළ රන්ජන් ගේ ජීවිතය දැන් අනතුරේ ය. ඇතැම් විට ඔහු ගමන් ගන්නා වාහනය අනතුරට ලක්වීමට හෝ බන්ධනාගාරය තුලදී සිය දිවි නසා ගැනීමට හෝ වෙනත් අනතුරක් වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩි යැයි මට සිතේ. දේශපාලනය යනු මිත්‍රයින්ගේ ක්‍රීඩාවකි. (ජේන් චේටන් ) Politics is a game of friends (Jean Chretein).
ප්‍රතිචාරයක් ලබාදෙන්න