ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දුෂිතයන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබේ. වසර 71ක් තිස්සේ දේශපාළකයන් අධිකරණය තමන්ගේ වසගයට ගැනීමට කරමින් තිබු සටන, ජයග්‍රාහී ලෙස ඉටු කර ගැනීමට සමත්ව තිබේ. සරත් නන්ද සිල්වාගෙන් ආරම්භ වූ අධිකරණ පද්ධතියේ සෝදා යෑම, මොහාන් පීරිස් විසින් “අවශ්‍ය ආකාරයට තීන්දු ලබා දෙන්නම්” යැයි කියනා තැනට ගෙන ගිය අතර එය දැන් අනිකුත් විනිසුරුවරුන් දක්වා පැතිර යෑම ඉතා භයානක අනතුරක සේයාවකි.
සුදුස්සාට සුදුසු තැන නොලැබීම කොතරම් අභාග්‍ය සම්පන්න තැනකට රට තල්ලු කරේද යන්න කල්පනා කිරීමට අප ප්‍රමාද වැඩිය. කීර්තිමත් විනිසුරුවරයෙකු වූ මාක් ඩී එච් ප්‍රනාන්දු මහතාට ලැබිය යුතු ව තිබු අග්‍රවිනිශ්‍යකාර අසුන නුසුදුසු පුද්ගලයෙකු හට භාර දීමෙන් එහි ප්‍රතිපල රට භුක්ති විදිමින් සිටි. 1988 දී උපරිමාධිකරණයට පත් වූ ප්‍රනාන්දු මහතා, වැඩිම කාලයක් උපරිමාධිකරණයේ අසුන් ගෙන සිටි විනිසුරුවරයායි. 2005 දී තම ධුරයෙන් කලින් විශ්‍රාම ගත් අතර එවකට අග්‍රවිනිශ්‍යකාර අසුන හෙබවූයේ සරත් නන්ද සිල්වා යි. පැහැදිළි හා විශ්ලේෂණාත්මක විනිශ්චයන්, සමානාත්මතාවය හා සාධාරණත්ව සංකල්ප මත ලබා දීමේදී ප්‍රනාන්දු මහතා ඇතැම් විට දේශපාලකයන් අන්ද මන්ද කිරීමට සමත් වූ අතර එය ඔවුන්ට නොරිස්සුම් දෙන්නක් වූ බවට සැකයක් නැත.

1977 සිට තමුන්ට අවශ්‍ය ආකාරයට උපරිමාධිකරණයට විනිශ්චයකරුවන් පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම එහි ස්වාධීනත්වයට බරපතල පහරක් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් යම් තාක් ආකාරයට අධිකරණයේ ස්වාධීනත්වයක් ඇතිකිරීමට උත්සහ කලද, එයද සැහීමකට පත් විය හැකි ආකාරයකින් පවතීයැයි විශ්වාස කල නොහැක. ස්වාධින කොමිශන් සභා කොතරම් ස්වාධීනව කටයුතු කරන්නේද යන්න පසු ගිය දිනවල පොලිස් කොමිසමේ හැසිරීම ඔස්සේ අපට දැක ගත හැකි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ අර අදින තවත් එක් කාරණයක් වන්නේ පෙර පැවති විනිසුරුවරුන් පත් කිරීමට ඇති බලය නැවත ඇති කර ගැනීමයි. 19 වන සංශෝධනයේ අනිකුත් කාරණා කෙසේ වුවද අධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සදහා වන ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිධුරයේ රාජකාරි කිරීම සදහා බාධාවක් වන්නේ කෙසේද?
රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ඉතා පිළිකුල් ආකාරයට පහත වැටී ඇත. රන්ජන් රාමනායකගේ හඩපට එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් පක්ෂයකට පමණක් ඇගිල්ල දිගු කල හැකි එකක් නොව සමස්ත ධුරවලියටම එල්ල වූ අසුචි ප්රහාරයකි. සියලු දෙනාම එම ප්‍රහාරයෙන් අසුචි තවරගත්වුන් හෝ එහි දුර්ගන්ධය රුචියෙන් ආග්රාහානය කල වුන් බව මතක් කර දිය යුතුය.
ස්වාධින ආයතන තුලට පුද්ගලයන් පත් කිරීමට හෝ එම පත් කිරීම් සිදු කිරීමට පුද්ගලයන් පත් කිරීමට දේශපාලකයන්ට ඇති බලය ඉවත් වන තුරු අපට නිතිය තුලින් සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. තවදුරටත් පවතින මේ දුෂිත පද්ධතිය සහ පාලකයන්, රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි විරුවන් සේ හිස් මුදුනේ තබා ගෙන වන්දනා කරනා මිනිසුන් දකින විට ඇති වන්නේ ඉතා සෝචනීය හැගීමකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න