හොදම තේරීම 2019-2024

GOTA Sa

සමවත වැසි සුළඟ කෙත්වත් වැවෙන මෙන
ලොවසත රැකෙති නිසි රජ නැණැති මැති ගෙන
ඒ මහත නල නලින් වන දහන වන මෙන
දුසිරිත් රජ කුමැති ගෙන් නසිය හැම තැන

නිසි කලට වැටෙන වැසි සුළං වලින් කෙත් වතු මනාව සාර වන්නාක් මෙන් නුවණැති රජ, මැතිවරුන්ගෙන් රටත් ජනයාත් රැකෙන බවත්, දුසිරිත් සහිත රජ මැතිවරුන්ගෙන් රටත් ජනයාත් පිරිහෙන බවත් අලගියවැන්න මුකවැටිතුමන් විසින් රචිත සුභාෂිතයේ එන ඉහත කවියෙන් කියැවේ .

ප්‍රධාන ධාරාවේ එන ජනාධිපති අපේක්ෂකයන්ගේ ක්‍රියා කලාප පසු ගිය වසර හැත්තෑව තුළ අප දැක ඇති දේශපාලකයන්ගේ ක්‍රියා කලාප වලට වෙනස් වේ යැයි අපි නොසිතමු. එක් අපේක්ෂකයෙක් ජාතිවාදය හා ආරක්ෂාව ප්‍රධාන මාතෘකාව ලෙසද , තවකෙක් සම්ප්‍රදායික ඉටුකළ නොහැකි පොරොන්දු මල්ලක් කරපින්නාගත් ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටියි. තම තමන්ගේ ඉදිරි දේශපාලන ගමන සාර්ථක කරගැනීම හෝ ඉදිරි ව්‍යාපාරික ප්‍රතිලාභ ලබා ගැනීම සදහා පිරිස් කුමන හෝ පාර්ශවයකට එක් වෙමින් සිටිති.  දුෂණ චෝදනා රාශියක් සමග සජිත් ප්‍රේමදාස පෙරටු කොටගෙන පවතින රජයත්, දුෂණ හා මිනිමැරුන් චෝදනා රාශියක්ද සමග ගෝටාභය රාජපක්‍ෂත් මහජනයා ඉදිරියට පැමිණ ඇත්තේ වසර හැත්තෑ එකක් තුළ කල නොහැකි වූ අරමුණු ඉටුකර දීමටයි. මේ දුෂණ චෝදනා කුමක් වුවද ඔවුනොවුන්ගේ නීතිමය ආරක්ෂාව ඔවුන් විසින් සුහදව සිදු කර ගනු ඇත. එයටම කැපවී සිටින ඇතැම් පුද්ගලයන් නීතියේ ඉහල තළ වල රැදී ඇති මොහොතක ඔබට හෝ මට සිදු කල හැකි කිසිවක් නැත. ගරු ගම්භිර නඩුකාර හාමුදුරුවරයෙකු මෙවැනි චුදිතයෙකු වරදකරුවෙකු කලද පසුව ඔවුන් ජනාධිපති සමාව ලබා නිදහස් වනු ඇත.

ඉදිරි පරපුරට රටක් හදන්නට, සෑදු රටේ දිවි ගෙවන්නට සුබවාදී පරිසරයක් ගොඩනගනු වස්, නායකත්වය දීමට ඔවුන් පෙළ ගැසී සිටිති.  ඔවුන්ගේ එකද දරුවකු ද මෙරට ජිවත් නොවේ. ඇතැම් විට මෙහි එම සුබවාදී පරිසරය සෑදු පසු ඔවුන් මෙහි පදිංචි කරවීම ඔවුන්ගේ අරමුණ විය හැකි ය.
ඔවුන් කෙසේ කීවද මේ රට දැන් උකස් වී අවසානය. සෙමින් සෙමින් මෙහි අයිතිය ගිලිහෙමින් පවතී. කුමන පුද්ගලයෙකු කුමන ධාරාවක් තුලින් බලයට පැමිණියද ඉටු කිරීමට ඇත්තේ විකිණීමේ ඉදිරි ක්‍රියාමාර්ගය දියත් කිරීම පමණි. අනාගත පරපුරට ශ්‍රී ලංකාව තුල දැන් අනාගතයක් නැත. අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ භුමිය, දේපළ , වනසතුන් හා උරුමයන් විකුණා දැමීම සිදු වනු වැළැක්විය නොහැක. ඔබ අකමැති වුවද ඔවුන් එය කැමැත්තෙන්ම සිදු කරනු ඇත. ඒ ඔවුන්ට මෙහි දිවි ගෙවීමට අවශ්‍යතාවයක් හෝ රැක ගැනීමට කිසිවක් නොවන හෙයිනි.

ඒ ක්‍රියාවලියේ  තවත් එක් අභියෝගයකට නොවැම්බර් 16 වනදා ඔබ මුහුණ දීමට සුදානමින් සිටියි. ඔබගේ ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන්ගේ හොදම මුලාකරු කවුද යන්නයි. එම යථාර්තයට ඔබ සාර්ථකව මුහුණ දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.  ඔබට ජය නියතයි.!

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: