
සැත්තාවසක් මුළුල්ලේ මෙරට ජනතාව ඇන්දවූ දේශපාලකයින් තව දුරටත් ඔවුන් අන්දමින් සිටි. පසු ගිය දිනවල අමාත්‍යංශ දූර වලින් ඉවත්වනවා යැයි පුරසාරම් දෙඩු ඇමතිවරුන් නොනිල වශයෙන් අමාත්‍යංශ කර ගෙන යයි. ඔවුන්ගේ කාර්ය මණ්ඩල තවමත් ඔවුන්ගේ අණදීම් මත තවමත් ක්‍රියාත්මක වෙන අතර ඔවුන් භාවිතා කල නිළ රථ සියල්ලක්ම ඔවුන් තවමත් රදවා ගෙන සිටි. ඔවුන් මෙම තීරණය ගැනීමට පෙර රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා කර ඇති අතර ඔහුගේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බවද කියවේ.
අමාත්‍යදුරයකින් ඉවත් වීමේ සාමාන්‍ය සම්ප්‍රදාය නම් ලිපියක් මගින් ජනාධිපතිවරයාට ඉවත් වීම දැනුම් දීමයි. එසේ දැනුම් දීමකින් තොරව මාධ්‍ය සංදර්ශන පවත්වා, ඉවත්ව යන්නේ යැයි පුරසාරම් දොඩවා මහජනයා මුලා කරමින් අනියත බියක් පැතිරවීමත්, සංඝයා වහන්සේලා නිහඩ කිරීමත් අරමුණ විය හැක. ඔවුන් නිවැරදි ආකාරයට ඉවත්ව ගියේ නම් ඔවුන්ට එම අමාත්‍යදුරවලින් ලැබිය හැකි ප්‍රතිලාභ බුක්ති විදීම කල නොහැකි වනවා සේම එය නීති විරෝධී ද වේ. යථාර්තය තේරුම් නොගත් ත්‍රිනිකායික මහා සංඝරත්නය පවා පණිවිඩ නිකුත් කල ආකාරය අපට දැක ගත හැකි විය. මෙවැනි කුට උපක්‍රම මගින් මහා සංඝරත්නය පවා මුලා කල හැකි දේශපාලකයින්ට මහජනයා මුලා කිරීම ඉතා පහසු දෙයකි.
අමාත්‍යංශ තුල අනියත අරාජිකත්වයක් ඇති කිරීමත්, එමගින් නිතිය ක්‍රියාත්මක කරන ආයතන අඩපන කිරීමත්, වැරදිකාර අමාත්‍යවරුන් සිටිනම් ඔවුන් අත්අඩංගුවට ගැනීම හා දඩුවම් දීම වැළැක්වීමත් මෙම සැලසුම් කරන්නන්ගේ අරමුණ විය හැකිය. රිෂාඩ් බදියුදීන්ට පැවති දෝශාභියෝගයත් එයට හේතුවකී. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට බොහෝ චෝදනා එල්ලවුවද, මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කල පුද්ගලයන් සමග යම් යම් සම්බන්ධකම් හෙළිදරවු වුවද ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා ආරක්ෂක අංශ වල කශේරුකා ඍජු නොවිණි.
2012 වසරේදී මහේස්ත්‍රාත්වරයෙකුට තර්ජනය කිරීම හා අධිකරණයට ගල් මුල් වලින් පහරදීමට පුද්ගලයන් යොමු කිරීම වැනි චෝදනා හමුවේ අධිකරණයෙන් සමාව ගැනුණු අතර කිසිදු දණ්ඩනයකට ද ලක් නොවිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න