විදේශ ශ්‍රමිකයින්ට රජය සලසන සේවාව කුමක් ද ?

_49403775_49403774
ගම්පොල එම්. ලතා. කුවේටයේ ගෘහ සේවිකාවක් (වර්ෂ 2009)
ලෝකයේ විගමණික ශ්‍රමිකයින්ගෙන් වැඩිම අදායමක් ලබා ගන්නා රට වන්නේ ඉන්දියාවයි. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 68.96කි. (ලෝක බැංකු දත්ත 2017) ශ්‍රී ලංකාව 2017 වසරේදී 20 වෙනි ස්ථානයේ රැදී සිටීමට සමත් විය. ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.19 ක් උපයමින්.  2017 වසරේ වෙළද ගිණුමේ හිගය ඇමෙරිකානු ඩොලර් 9.6 වන අතර එය පියවා ගැනීම සදහා සියයට 74ක දායකත්වයක් ලබා දෙන්නේ විදේශගතව දහඩිය මහන්සියෙන් මෙරටට ප්‍රේෂණය කරන ශ්‍රී ලංකික කම්කරුවන්ගෙනි. පසු ගිය වසර කිහිපය තුල පුද්ගලික ප්‍රේෂණ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10කට අසන්න අගයක පැවතින. එය දෙවැනි වන්නේ ඇගලුම් කර්මාන්තයෙන් උපයන අදායමට පමණි.
ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,767කි. කාර්මික අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8,541.9 වන අතර මුළු අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 11,360.4කි.
ශ්‍රී ලංකාවේ ආනයනයන් අතර, ආහාර පාන සදහා ඇමෙරිකානු ඩොලර්   1,841.1ක්, අහාර නොවන අනිකුත් පාරිභෝගික භාණ්ඩ සදහා ඇමෙරිකානු ඩොලර් 2,661.5 ක් හා එයින්  ඇමෙරිකානු ඩොලර් 772.7 වැය කර ඇත්තේ වාහන ආනයන සදහායි. ශ්‍රී ලංකාවේ වැඩිම ආනයන වියදම වන්නේ තෙල් ආනයන සදහා වන අතර එය ඇමෙරිකානු ඩොලර් 3,427.9කි.
පවතින දත්ත අනුව 1988 වසරේ සිට 2007 වසර දක්වා කාන්තා ශ්‍රමික ගලනය 50% ඉක්මවූ අතර 2008 වසරේ සිට එහි පහල යාමක් වාර්තා වුනි. 2008 සිට කාන්තා ගලනයේ අඩුවක් දක්නට ලැබෙන අතර එය හොද ප්‍රවණතාවයක් ලෙස සැලකිය හැකිය. මෙහිදී දැකිය හැකි තවත් හොද ප්‍රවනතා කිහිපයකි. ඒනම්,
  1. රැකියා නියෝජිත කාර්යාල හරහා පිටව යන ශ්‍රමිකයන් අඩු වන ආකාරයක්. රැකියා නියෝජිත කාර්යාල විශාල මුදලක් හාම්පුතුන්ගෙන් ලබා ගන්න අතර එයට ගැලපෙන සේවාවක් ලබා නොදෙයි. මේ ප්‍රවනතාවය නිසා ඔවුන්ටත් ඔවුන්ගේ රැකියාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අවශ්‍යතාවය මතු වනු ඇත.
  2. 2005 වසර දක්වා කාන්තාවන් වැඩි වශයෙන් විදේශ ගත වුයේ ගෘහ සේවිකාවන් වශයෙන් වන අතර එයද ක්‍රමයෙන් අඩුව 2016 වසර වන විට 26.81 දක්වා අඩුව තිබේ.
  3. 2015 වන විට නිපුනතා ඇති ශ්‍රමිකයින් විදේශ ගත වීම සියයට 30 ඉක්මවූ අතර වෘතිකයින්ගේ වැඩි වීමක් ද සුළු වශයෙන් දක්නට ලැබිණි.  ගෘහ සේවයේ රැකියාවන් සදහා පිටත් වීම 2014 වන විටත් ප්‍රථම ස්ථානයේ තිබු අතර එය 2015 වන විට පසු බැස 2016 වන විට තුන් වන තැනට පත්ව තිබීම දකින්නට ලැබේ.
දිරිය දියණියන් ලෙස ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු කාන්තාවන්ටත්, අරාබිකරයේ සිය දහඩිය වගුරුවන මවුවරුන් සමාජයෙන් නිසි ගරුත්වයක් ලැබෙන්නේද නැත. පත්වූ කිසිම රජයකින් ඔවුන්ට සැලසු සෙතක් ද නැත. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙන්නේ යැයි කියන සේවාවන් සම්බන්ධයෙන් ඔවුන්ට අත් විදීමට සිදු වන අකටයුතුකම් බොහොමයකි. බොහෝ නිලධාරීන් රැකියා නියෝජිතයින්ගෙන් අල්ලස් ලබා ගනිමින් කටයුතු කරන අතර ඔවුන්ගේ ප්‍රශ්න වලට නිසි විසදුම් නොලැබේ. තමන්ගේ රැකියා ගිවිසුමේ වලංගු කාලය අවසන් වුවද තම රටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයින් ද සිටින අතර ඔවුන්ගේ ඥාතීන් කාර්යංශයට ගිය විට ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වන්නේ ගිවිසුමේ අත්සන්කාර පාර්ශවය නොමැතිව කිසිවක් කල නොහැකි බව හා ඔවුන්ගේ ආගමනයෙන් පසු පැමිණ පැමිණිලි කරන ලෙසයි. ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සදහා ද්විපාර්ශ්වික එකගතාවයන්ගේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංගමය පවා අවධාරණය කර ඇතත් දැනට එවැනි එකගතාවයන් අත්සන් කර ඇත්තේ සෞදි අරාබිය සමග පමණි.  
ශ්‍රී ලංකාවේ දුප්පත්කම හා අදායම් බෙදී යාමේ විෂමතාවය අඩුකර ගැනීම සදහා විදේශ ශ්‍රමිකයින්ගේන් ලැබෙන ප්‍රේෂණ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. රජයක් ලෙස සිදු කල යුතු වන්නේ ඔවුන් ගේ ප්‍රේෂණ සදහා 1% බද්දක් යෝජනා කිරීම නොව ඔවුන්ගේ ප්‍රේෂණ දිරි ගැන්වීම හා ඔවුන්ට ඒ සදහා ප්‍රතිලාභ සැලැස්වීමයි.    
පැය අටේ රාජකාරියද නිසි ලෙස ඉටු නොකොට, මහජනයාට සැලසිය යුතු සේවය ද වගකීමෙන් ඉටු නොකර, අල්ලස් හා අනිකුත් වරප්‍රසාද උදෙසා තම තනතුර හා බලතල අවභාවිත කරන රාජ්‍ය අංශයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ වලින් සියයට එකක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැති අතර ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටසක් සිය දෙවුර මතින් මෙරටට ලබා දේ.    

4 thoughts on “විදේශ ශ්‍රමිකයින්ට රජය සලසන සේවාව කුමක් ද ?

Add yours

  1. කරන ලොකුම සේවාව තමයි ලියාපදිංචි කිරීම කියලා ගානක් කඩා ගැනීම, රක්ෂණය කියලා ප්‍රෝඩාවක් කිරීම, මේ ශ්‍රමිකයන් දුක් විඳලා හම්බකරලා එවන සල්ලි වලින් පඩි ගන්නා ගමන් එයාපෝට් එකේදී ඒ මිනිස්සු රස්තියාදු කිරීම.

    කැමතියි

  2. මම කියන්න හදපු දේ කුමාර ලියලා. මේ සෙවලයින්ට ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්න බැරි නම්, එවුන් නැතිදාට තොපෙ භාණ්ඩාගාරයේ මිනි පෙට්ටියට, අවසන් පස් පොද තමයි ඉතිරි වෙන්නේ. පාහර පාලකයෝ.

    කැමතියි

  3. ස්තුති. ඔවුන් දූ දරුවන්ගෙන් වෙන්ව පිට රට රැකියා කොට නැවත පැමිණෙන විට බොහෝ විට ඔවුන්ට කිසිවක් ඉතුරු වී නැ. ඔවුන්ගේ සැදැසමය ගෙවීමට හෝ රජය යම් සහනයක් සලසන්නේ නම් ඔවුන්ට හොදය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: