ඉතියෝපියානු ආර්ථික වර්ධනය හා ශ්‍රී ලංකාව.

addis-ababa-night-640x360

වසර 2000 වන විට ඉතියෝපියාව ලෝකයේ දුගීම රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු විය. අප්‍රිකානු මහාද්වීපයේ දෙවන විශාලතම, මිලියන 105ක ජනගහනයක් වෙසෙන ඉතියෝපියාවේ ඒක පුද්ගල ආදායම වුයේ වසරකට ඇමෙරිකානු ඩොලර් 650කි (දළ ජාතික නිෂ්පාදනයේ /ක්‍රය ශක්ති සාම්‍ය). ඉතියෝපියාවේ ජනගහනයෙන් 50% වැඩි ප්‍රමාණයක් ජිවත් වුයේ ලෝක දුගී බවේ රේඛාවෙන් පහල වූ අතර එයින් ඔවුන් ලෝකයේ ප්‍රථම ස්ථානයේ පසු විය. වසර 2003 සිට 2016 දක්වා ඉතියෝපියාව ලෝකයේ සීග්‍ර ආර්ථික වර්ධනයක් සහිත රටවලින් තුන්වන තැනට පත් විය. 2008 සිට 2017 දක්වා පසු ගිය වසර දහය තුල ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍ය අගය මත ලෝකයේ ප්‍රථම ස්ථානයේ පසු වන ඉතියෝපියාවේ සාමාන්‍ය අගය වුයේ 9.8%කි. (ආර්ථික වර්ධන සාමාන්‍ය 16%ක් නෞඌරු රාජ්‍ය වන අතර ජනගහනය 10,000ක් පමණක් වන හෙයින් මෙහිදී නොසලකා හැර තිබේ.)

වසර 2025 වන විට කාර්මීකරණය වූ රටක් ලෙසත් වසර 2030 වන විට ඇගළුම් අපනයනයෙන් ඩොලර් බිලියන 30ක් උපාය ගැනීමත් රජයේ මුලික අරමුණකි. අපවිත්‍රිකරණ රෙගුලාසි හා වැඩි වන ශ්‍රම වියදම් හේතුවෙන් චීනය හැර යන කර්මාන්ත සංඛ්‍යාව වැඩි වී තිබෙන අතර එම ආයෝජන තම රට වලට හරවා ගැනීම සදහා බංගලාදේශය හා ඉන්දුනීසියාව උත්සහ කලද බොහොමයක් ඇගලුම් සමාගම් දැන් ඉතියෝපියාවේ ආයෝජනය කර අවසන්. එයින් අතර ලෝක ප්‍රකට සමාගම් වන H&M, Gap, හා Primark දැනටමත් නිෂ්පාදන කටයුතු ආරම්බ කර තිබේ. තවද ඇමෙරිකාවේ ප්‍රමුඛ සමාගම් වන Calvin Klein, Tommy Hilfiger හා ඩුබායි සමාගමක් වන Levi’s,  Zara සහ චීන ජිහන්ග්සු සන්ෂයින් සමාගමේ Hugo Boss ද වර්තමානයේදී නිෂ්පාදන කටයුතු ඇරබීම සදහා සුදානමින් සිටි.

ethiopia-gdp-growth-annual
1 රූපය :ආර්ථික වර්ධන වේගය -ඉතියෝපියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව

වසර 2011 වන විට ඉතියෝපියාවේ දුගී බවේ අනුපාතය 31% පහල ගිය අතර වසර 2017 වන විට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1729.9ක් දක්වා වැඩි විය. 2015/16 වසර වල ඇති වූ එල් නිනෝ සංසිද්දිය නිසා දැඩි නියගයකට මුහුණ දුන්නද ඔවුන්ගේ ආර්ථික වර්ධනය සියයට 8ක මට්ටටක පවත්වා ගැනීමට ඔවුන්ට හැකි විය.

embed (1)
(2 රූපය: ශ්‍රී ලංකාව හා ඉතියෝපියාවේ ඒක පුද්ගල අදායම/ක්‍රය ශක්ති සම්‍යය මත )

රටේ පැවති දේශපාලන අස්ථාවරභාවයත්,  රට එවකට පාලනය කල ඒකාධිපති සහ සහාසික පාලකයකු වූ කුමන්ත්‍රණයකින් බලය ලබා ගත් මෙන්ගිස්ටු හෛලේ මාරියම් ගේ පාලන කාලය තුල සාගතය, සිවිල් යුද්ධ හා ආර්ථික බිද වැටීම උග්‍ර ලෙස වර්ධනය විය. 1994 දී ඇති කර ගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, එමගින් බහු පක්ෂ මැතිවරණයෙන් ජය ගත්, 1995 දී බලයට පත් වූ නගේස්සෝ ගිඩාඩා හා වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය අභි අහමඩ්ගේ දේශපාලන නායකත්වයන් යටතේ යටිතල පහසුකම් හා අනිකුත් ව්‍යපෘති ඇති කල අතර ඍජු විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. එම තත්වයන් යටතේ රැකියා වියුක්තිය 2015 වන විට 16.8% දක්වා පහල ගිය අතර සමාගම් 250කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ඉතියෝපියාවේ ආයෝජනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයට අමතරව තුර්කිය, ඉන්දියාව, සුඩානය, එංගලන්තය, ජර්මනිය හා මේ සියල්ලන්ට වැඩියෙන් චීනයත් එහි ආයෝජනය කල රටවල් අතර සිටි.

ethiopia-unemployment-rate

(3 රූපය: රැකියා වියුක්තිය – ශ්‍රී ලංකා හා ඉතියෝපියාව)

රටක විදේශ ආයෝජන සදහා ප්‍රධාන වශයෙන් ආයෝජකයින් අවධානය යොමු කරන සාධකය වන්නේ ඔවුන්ගේ ආයෝජන සදහා පවතින සුරක්ෂිතතාවයයි. ඉතියෝපියාවේ ආයෝජනය කෙරෙහි ආයෝජකයින් ඉදිරිපත් වීමට මුලික වන කරුණු කිහිපයකි. එනම්,
1. ආයෝජකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති පහසුව
2. ශක්තිමත් අපනයන ක්‍රියාකාරිත්වය (පසු ගිය වසර 6 තුල 51% වර්ධනයක් )
3. දේශපාලන ස්ථාවරභාවය
4. ලිබරල්වාදී නිදහස් වෙළදපොල ආර්ථිකය
5. සංවර්ධනයට උපකාරීවන සර්ව ආර්ථික ප්‍රතිපත්ති හා ස්ථාවර විදේශ හුවමාරු තන්ත්‍රය
6. පොදු වෙළදපොලක් ඔස්සේ බටහිර හා දකුණු අප්‍රිකානු රටවල් 23කට පිවිසීමේ හැකියාව
7. යුරෝපියානු හා ඇමෙරිකානු වෙළදපොලට බදු නිදහස් පිවිසුම
8. මිට අමතරව ලාභ ශ්‍රමය, ලාභ අමුද්‍රව්‍ය හා ලාභ බලශක්තිය

ඉතියෝපියාවේ ඇගලුම් වෙළදපොල අතර එක්සත් රාජධානිය 10%ක් ද, අනිකුත් යුරෝපිය රටවල් 50%ක්ද ඇමෙරිකා එක්සත් ජනපදය 40% ක් ද මිලදී ගනු ලබයි. ශ්‍රී ලංකාවෙත් ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ උක්ත රටවල්ම වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඇගලුම් විකුණා ගැනීම සදහා කුමන තරගයකට මුහුණ දීමට සිදු වේද? ඒ සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර කවරේද?

බල තණ්හාවට කෑදරකමින්, සොරකමම මුලික අභිමතාර්ථය කරගත් ලංකික දේශපාලකයින්ට මේ සදහා දැක්මක්වත් නැති බව මගේ වැටහීමයි.

 

 

2 comments

  1. රටේ අර්බුද තියෙද්දි තමයි ලංකාවට 1990 ගණන්වල දි ඇඟළුම් කම්හල් ආවේ ලාභ ශ්‍රමය නිසා. ඕක ඇවිල්ලා කෙටි කාලීන බුබුළක්. අල්ල ගත්තොත් හරි. චීනෙත් ඕකම තමයි වුනේ. ඉතින් ඉතියෝපියාවට වුනත් ඕක කෙටි කාලීනයි. ලංකාව ගැන කියනවා නම් ඇඟළුම් කම්හල් දැන් උත්සාහ කරන්නේ high-end market එකට යන්න. ඒකට තමයි විවිධ රජයන් GSP+ වගේ බදු සහන සඳහා උත්සාහ කරන්නේ.

    Liked by 1 person

    • ඔබගේ ප්‍රතිචාරයට ස්තුති. ඔබගේ අදහස පැහැදිලි. කෙටි කාලින බුබුලක් යන්න සදහා මම එකග නොවෙමි. ඇයිද යත්, ඍජු විදේශ ආයෝජන හැමදාමත් ඉහලට ඉහලට ඉහලට යෑමේ ප්‍රවණතාවය ඉතා අඩුයි. යම් කිසි ස්ථරයකට පැමිණි පසු එහි වෙනස් වීම අල්පයි. අප මෙහිදී කියන්නට උත්සහ කරන්නේ රටේ දේශපාලකයන් ගේ විවිධ අකටයුතුකම් නිසා රට පැවතිය යුතු තැනට වඩා පල්ලම් බැස ඇති බවයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )