කම්කරු වැටුප් අර්බුදය

54
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන මහා බැංකු වාර්තාවට අනුව 2017 දී දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6.9කි. එයින් සියයට දසම 7ක් තේ කර්මාන්තයෙනි.පසු ගිය සැප්තැම්බර් මස ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වතු කම්කරුවන් ද වැඩ වර්ජනයක නිරත විය. ඒ ඔවුන්ගේ දිනක වැටුප 20% කින්, එනම් ඉන්දියානු රුපියල් 169 සිට 203 දක්වා වැඩි කර ගැනීමටයි. වතු කම්කරු වෘත්තිය සමිති හා කලාප වැවිලි සමාගම් (RPC’s) සමග 2016 ඔක්තෝම්බර් මස 16 වන දින ඇති කර ගත් සාමූහික ගිවිසුම ට අනුව කම්කරු වැටුප සදහන් වන්නේ මෙලෙසයි. මුලික වැටුප රු.500.00, උද්ධමන දීමනාව 30.00, පැමිණීමේ දීමනාව 60.00 හා නිෂ්පාදන දීමනාව 140.00 වශයෙන් මුළු මුදල රු. 730.00ක් ලෙසයි. මීට අමතරව අතිරේක තේ දළු කිලෝ එකකට රු.25.00ක් හා අතිරේක රබර් ලීටර් එකකට රු. 35.00 ගෙවනු ලැබේ. අර්ථ සාධක අරමුදල් සදහා මුලික වැටුප යොදා ගත්තද, මෙහිදී අතිරේක දළු හෝ රබර් ඉපයීම් සදහාද අර්ථ සාධක අරමුදල් බැර කෙරේ.

මෙම සාමුහික ගිවිසුම වලංගු වන්නේ අවුරුදු දෙකකට අසන්න කාලයකට පමණි. අවසන් වරට එකගත්වය පල කරන ලද ගිවිසුම 2018 ඔක්තෝම්බර් මස 14 වන දිනෙන් අවසන් විය. වර්තමානයේ පවතින වැඩ වර්ජන සදහා මුලික අරමුණ වන්නේ නව සාමුහික ගිවිසුමට එලබිමත්  සමග මුලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කර ගැනීම වන අතර වතු සමාගම් එයට එකග නැත. වතු කම්කරුවන් පවසන ආකාරයට පාලක සමාගම් අධික ලෙස ලාභ ලබයි. එම නිසා මෙම මුදල ලබා දීමට පහසුවෙන්ම හැකි බව ඔවුන්ගේ මතයයි. ඒ කෙසේ වුවද වැඩි වන ජිවන වියදම් හමුවේ ඔවුන්ගේ වැටුප් වැඩි විය යුතු බව සත්‍යකි. මේ හේතුව නිසා බොහෝ කම්කරුවන් වතු සමාගම් හැර ගොස් වෙනත් තැන වල රැකියා කරයි. ඇතැම් කම්කරුවන් වතු සමාගම් හැර නොගොස් දින 25ක් පමණ වෙනත් තැන වල රැකිය කොට දින 5ක් පමණ වතු වැඩ කරයි. ඔවුන්ගේ එතරම් වැඩ කොටසක් සමාගමට සිදු නොවුවද ඉහත සිදු වීම නිසා ඔවුන්ට වසර 5කට පසුව පාරිතෝෂික ගෙවීමට සමාගමට සිදු වෙයි.

වර්තමානයේදී තේ නිශ්පාදන සදහා පවතින මිල ගණන් ඉතා අඩුය. තේ මිල තීරණය කිරීම සදහා හැකියාවක් නිෂ්පාදකයාට නොමැත. තේ තැරවුකරුවන් අධික ලාභයක් ලැබෙන අතර මිල තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වන්නේ තේ තැරැවුකරුවන්ට සලකන ආකාරයයි. රබර් කිලෝ එකකට ගෙවෙන මුදල ද රු.230ක් දක්වා පහත වැටිණි. ලෝක වෙළද පොලේ ඉන්ධන මිල පහල ගිය සමයෙහි සිට ස්වභාවික රබර් සදහා පවතින ඉල්ලුමද ඉතා පහල මට්ටක පැවතිනි. ඉන්ධන මිල දැන් ඉහල ගියද ස්වභාවික රබර් මිලේ එතරම් ඉහල යමක් වාර්තා නොවිණි. එම නිසා වතු සමාගම් රබර් ඉවත් කර කටු පොල් සිටුවීම කෙරෙහි යොමු වූ නමුත් මෑත කාලයක සිට රජයෙන් කටු පොල් සිටු වීම තාවකාලිකව තහනම් කොට ඇත.

 

සමාගම් එකගතාවය පළ කර ඇති නව වැටුප් සංශෝධනයට අනුව රුපියල් 46ක් තේ කිලෝවක් සදහාද පාරිතෝෂික ගෙවීම් සදහා රුපියල් 600ක් ද යෝජනා කර ඇත. නිෂ්පාදන පලදයකත්වය මත අර්ථ සාධක අරමුදල් සදහා ද දායකත්වය ලබා ගත හැක. ඊට අමතරව නිවාස, ජලය, සෞඛ්‍ය හා අනිකුත් පහසුකම් ඔවුන්ට හිමි වෙයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රමවේදයට අනුව කම්කරුවන්ට රුපියල් දහසකට වඩා වැඩි වැටුපක් ලබා ගත හැකි බවයි. පවතින තත්වය තුල කම්කරුවන් අනිවාර්යෙන් කැඩිය යුතු දළු කිලෝ ගණන කිලෝ 18කි. පවතින වැටුප ගණනය කර ඇත්තේ පැය 8ක සේවා කාලයකට වුවද කම්කරුවන් පැය 4ක් වැනි කෙටි කාලයක් තුල ඉහත අනිවාර්ය කිලෝ ගණන කඩා අවසන් කොට ගෙදර යයි. සමාගම් යෝජනා කරන නිෂ්පාදනය මත වන වැටුප් ක්‍රමය වඩාත් වැඩි වැටුපක් කම්කරුවන්ට ලබා ගත හැකි මාර්ගයක් වුවද එයට ඔවුන් කැමති නැත.

තේ පර්යේෂණ ආයතන දත්ත අනුව නිෂ්පාදන පිරිවැය හා සාමාන්‍ය නිෂ්පාදන පළදායකත්වය අතර ඍණ සම්බන්ධයක් පවතීන බව සදහන් කර ඇත. මෙය නිකන් හිද මුදල් සෙවීමේ ගතානුගතික ශ්‍රී ලාංකීය ප්‍රවණතාවයයි. බොහෝ රාජ්‍ය අංශයේ සේවකයන් කරන්නේද එයයි. රාජ්‍ය අංශයට එකතු වන්නේද ඉහත අරමුණ සිතේ තබාගෙනයි.

අරුමුගම් තොන්ඩමන්ගේ භූමිකාව වතු ක්ෂේත්‍රය තුල ඉතා වැදගත් චරිතයකි. වතු කම්කරු වැටුපෙන් රුපියල් සියයක් වැනි මුදලක් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට බැර කරයි. වතු ආශ්‍රිතව වැඩ කරන කම්කරුවන් ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ වන අතර එයින් ලක්ෂයක් දෙනා රුපියල් සියය බැගින් බැර කලද රුපියල් මිලියන 10ක් මාසිකව උපයා ගත හැකි වෙයි. මේවා විගණනය කෙරෙන්නේද නැත.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: