ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිතා කරන පුද්ගලයින් වැඩි වශයෙන් ජීවත්ව සිටිනා පළාත් පිළිබදව සලකා බැලීමේදී අප මුලින්ම හදුනා ගන්නා පළාත වන්නේ බස්නාහිර පළාතයි. එහි 2012 වසරට සාපේක්ෂව 2016 වසරේදී හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 22,431 සිදුව තිබේ. 2012 වසරේදී අත්අඩංගුවට ගැනීම් සටහන් වුයේ 14,784 ලෙසයි. එය 51.72% ක වැඩි වීමකි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවම වඩාත් කණගාටුවට පත් විය යුතු කරුණක් වන්නේ අවුරුදු 15ට අඩු ළමුන් 2016 වසරේදී තිදෙනෙකුද අත්අඩංගුවට පත්වීමයි. අවුරුදු15ත් 18ත් අතර හෙරොයින් ලග තබා ගත් ළමුන් 2012 වසරට සාපේක්ෂව 2016 වසරේදී 1223% ක (මුළු දිවයිනේම) වැඩි වීමක් ද පෙනුම් කරයි.
2012 වසරට සාපේක්ෂව 2016 දී ප්‍රතිශතයක් ලෙස ගත් කල වැඩිම අත්අඩංගුවට පත්වූවන්ගේ අගය සටහන් වන්නේ වයඹ පළාතින් වන අතර එය 317.52% වැඩි වීමක් . ඉන් පසු පිලිවෙලින් දෙවන, තුන්වන හා සතර වන ස්ථාන ලැබෙන්නේ වතු කම්කරුවන් බහුල වශයෙන් ජිවත් වන ඌව, සබරගමු හා මධ්‍යම පළාත්වලටයි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල පිලිවෙලින් 219.3%, 185.55% හා 141.6% ලෙස හදුනා ගත හැක.
මුලික වශයෙන් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් වලිනි. හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට පත් වැඩිම විදේශිකයන් අයත් වන්නේද ඉහත කි රටවලටයි. 2012 සිට 2016 දක්වා හෙරොයින් සම්බන්ධ සමස්ත අත්අඩංගුවට ගැනීම් 186ක් වන අතර ඉන් ඉන්දියානු ජාතිකයින් 58 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයින් 43 දෙනෙකු ඇතුලත් වී තිබේ. ඉතා ලාභදායක ජාවාරමක් ලෙසත්, ඉක්මනින් මුදල් ඉපයිය හැකි මාර්ගයක් ලෙසත් බොහෝ පුද්ගලයන් මේ හා සම්බන්ධ වන්නේ එහි ඇති ලභාදයකත්වය අවබෝධ කරගැනීමෙනි. 2012 දී හෙරොයින් කිලෝග්‍රෑම් එකක තොග මිල ලෙස සදහන් වී ඇත්තේ රුපියල් මිලියන 3.5 ලෙසයි. එවකට එහි උපරිම වීදි මිල සටහන්ව වී ඇත්තේ රුපියල් මිලියන 8ක් ලෙසයි. 2016 වන විට හෙරොයින් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් මිලියන 6ක් වී ඇති අතර උපරිම වීදි මිල සටහන් වී ඇත්තේ රුපියල් මිලියන 10ක් ලෙසයි. ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිතා කරන්නන් 45000ක් හා වාර්ෂිකව හෙරොයින් කිලෝග්‍රෑම් 1478 ක් අවශ්‍ය බව ඇස්තමේන්තුගත කොට ඇත. එමගින් හෙරොයින් ලංකාවට අවශ්‍ය ප්‍රමාණය පමණක් විකිණීමෙන් ලබා ගත හැකි ලාභය ආසන්න වශයෙන් රුපියල් මිලියන 5912ක් පමණ වේ.
ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානයකි. බොහෝ විට මත් ද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ දේශපාලකයන්ගේ හෝ බළධාරීන්ගේ ආශිර්වාදය ඇතිව මිස වෙන ආකාරයකින් නොවේ. මධ්‍යම පළාතේ නුවරඑළිය ප්‍රදේශයට කිට්ටු එක්තරා තේ වත්තක ජිවත් වූ
දිළිඳු තරුණයෙක් අපොස (සා පෙළ) විභාගය ද නොලියා කොළඹ ප්‍රදේශයේ රැකියාවකට පැමිණ ඇති අතර රෙදි පිළි සාප්පුවක සේවය කිරීමට ප්‍රථමයෙන් ඔහු නාට්ටාමි කෙනෙකු ලෙසද සේවය කර ඇති බව පැවසේ. ඉන් පසු එක්තරා දේශපානයට සම්බන්ධ පුද්ගලයෙකුගේ රෙදි පිළි සාප්පුවක රැකියාවේ යේදී ඇති අතර විශ්වාසවන්ත ලෙස සේවයේ නියැදීම හේතුවෙන් ඔහු තමන්ගේ අවශ්‍යතා සදහා ඉන්දියාවට යාම් එම් කිරීමට ඔහු යොදා ගෙන තිබේ. ඔහු එම රෙදි පිළි අතර සගවාගෙන හෙරොයින් මෙරටට රැගෙන ඇති බව කියවේ.
ශ්‍රී ලංකාවේ හෙරොයින් ප්‍රචලිත වන්නේ 80 දශකයෙන් පසුවයි. ඒ ප්‍රචලිත කිරීමට ඔහුගෙන් විසාල දායකත්වයක් ලැබුණු බවද පැවසේ. කෙටි කාලයකින් ධනවතෙකු වූ ඔහු ඉන් පසුව හැරුනේ දේශපාලනය දෙසටයි. ඒ අතර ඔහු රෙදිපිළි ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. 2004 වසරේදී මුලින්ම පළාත් පාලන මැතිවරණයෙන් ආසන දෙකක් දිනා ගනිමින් දේශපාලනයට පිවිසි අතර ඉන් පසුව 2010දී පාර්ලිමේන්තුවට තේරී පත් විය.
කෙටි කලකින් ධනවත් වූ පුද්ගලයින් ධනවත් වන්නේ නිත්‍යානුකුල මාර්ග තුලින් නොවේ. මුදල් විශුද්දීකරන පණත මගින් පුද්ගලයෙකු මුදල් සොයා ගත් මාර්ගය විමර්ශනය කල හැකි උනත් දේශපාලකයන්ට එය වලංගු නොවෙන බවට අවශ්‍ය තරම් උදාහරණ පවතී. ඒ කෙසේ වුවද හෙරොයින් භාවිතය අඩුව තිබු ප්‍රදේශ වලටත් වතු ආශ්‍රිත ප්‍රදේශ වලටත් දැන් හෙරොයින් ව්‍යාප්ත වී තිබේ. උගත් කමින් අඩු බොහෝ පිරිසක් ජිවත් වන මෙවැනි ප්‍රදේශ වලට හෙරොයින් ව්‍යාප්ත කිරීම අමාරු කටයුත්තක් නොවේ. අභාග්‍යයට කරුණ නම් මෙවැනි පුද්ගලයින් දියුණු වූ ආකාරය හා කරන කාර්යය කුමක් දැයි හොදින් දන්නා මිනිසුන් පවා තම ජන්දයෙන් පත් කර එවන්නේ මෙවැනි පුද්ගලයන් වීමයි.
(පර්යේෂණ මුලාශ්‍ර :- ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා නීතිය හා සාමය පිළිබද සහ දකුණ සංවර්ධන අමාත්‍යංශය)
ප්‍රතිචාරයක් ලබාදෙන්න