උත්තරීතර පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ උත්තරීතර නාමය කෙළෙසන අයුරු…!!

sri-lanka-politics_c5469076-e9a0-11e8-9800-40e053fa8e14

මේ දින කිහිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. ඇතැමුන් පිහි අමෝරාගෙන සිටින අයුරුද, තවත් උන් ඔබගේත් මගෙත් බදු මුදල් වලින් උපයා ගත් රාජ්‍ය දේපොළ විනාස කරන අයුරුද ඔබ දකින්නට ඇති. තවත් පිරිසක් මුලසුනේ හිදගෙන උසුළු විසුළු කරමින් විනාස කරන්නේ සිගන්නාගේ සිට ධනපතියා දක්වා ගෙවූ බදු මුදල් වල එකතුව යි. එය හෙට දිනයේදී ද ඔබ එය ගෙවිය යුතු බව සිහියේ තබා ගන්න. මොවුන් හෙට දිනයේ එහි හිද ටීක් බෝල ගැහුවද එයට ඔබ මුදල් ගෙවිය යුතුය.

ඔවුන් ගේ ළදරු හැසිරීම කුමන පාටක කුමන පක්ෂයක වුවද පුදුම විය යුතු නැත. ඔවුන් කුමක් කලත් එය ඔවුන්ගේ වරද නොවේ. ඔවුන්ට දඩුවම් ලැබෙන්නේද නැත. ඔවුන් කරන්නේ ඔවුන් රැක ගැනීමට කල යුතු දේ ය. ඔවුන්ගේ දරු පවුල් රැක ගැනීමට කල යුතු දේ ය.

වැරැද්ද ඇත්තේ කාලකන්ණි ඔබ අතේය. රටට හෙන ගැහුවත් තමන්ගේ බඩ ගොස්තරය, අරක්කු කාල, බත් පැකට් එකට ජන්දය දෙන ඔබ අතේය. නිසි සෙවිල්ලක් නැතුව පාරම්පරික පාට බලාගෙනම ජන්දය දෙන ඔබය. කුඩුකාරයන්ට, පාතාල සාමාජිකයන්ට, නූගතුන්ට, තාත්තා ගෙන් පුතාට, අයියගෙන් මල්ලිට ජන්දය දෙන ඔබය.
මොවුන් කුමක් කලත් එහි අවාසිය ඇත්තේ ඔවුන්ගේ දරුවන්ට නොවේ. ඔබගේ මගෙත් දරුවන්ටය.
ඔබගේ දරුවන් ජාත්‍යන්තරයට ගිය විට රටේ කීර්තිනාමයට වන හානිය ඔවුන් දකින්නේ වෙන කිසිවකින්වත් නොව ඔබගේ දරුවන් තුලින්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: