බොදු බල සේනාව ප්රමුඛ අනිකුත් සංවිධාන මේ වන විට රටේ කතා බහාට ලක් වී තිබේ. ඒ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වන යම් ක්‍රියා කලාපයන් හේතුවෙනි. මේ සිද්දීන් අතර බහුලව කතා කෙරෙන මාතෘකා අතර වඳ බෙහෙත්, පල්ලි, මුස්ලිම් ආක්‍රමණය හා සිංහල ජාතිය වැනි වචන අඩංගුය. විශේෂයෙන් ම මේ මාතෘකා කරලියට එන්නේ උත්සව සම වලදී වීම ද අධ්‍යනයට යොමු කල යුතු කරුණක් වන්නේ යම් ව්‍යාපාරික ආයතනද මේ පිටු පස අඩු හෝ වැඩි වශයෙන් සිටිය හැකි වීමයි.
සැගවී ඇති ජාත්‍යාලය එලි බැස්විම සදහා බොහෝ විට යොදා ගැනෙන්නේ සිංහල ජාතිය වඳ වී මුස්ලිම් ජාතිය මහජාතිය වීමට තව වැඩි දවසක් නැති බව කියා පැමෙනි. එවිට සිංහල ව උපන් අපගේ බොකු බඩවල් රත් වී පපුවට එන මොකද්දෝ කෙලෙස් එකදාස් පන්සියෙන් එකක් නිසා එවැනි හැඟීමක් ඇති වීම ස්වභාවික යැයි මට සිතේ. එය එතෙකුදු වුවත් කොතරම් දුරට එය ප්රචණ්ඩත්වය වැපිරීම සදහා හේතුකාරක වන්නේ දැයි මට නොතේරේ.
1981 ජන සංගණන වාර්තාවලට අනුව සිංහල, දෙමළ හා මුස්ලිම් ජන කොටස් පිළිවෙළින් මිලියන 10.9, 2.7 හා 1.0 වශයෙන් සදහන් වී තිබිණි. (1981 පැවති සංගණනය මුළු රටම ආවරණය වුවක් නොවේ. එබැවින් එම දත්ත ඊට වඩා වැඩි විය හැකිය) 2012 සංගණනය අනුව එහි වැඩි වීම ඉහත පිලිවෙලින්ම මිලියන 15.2, 3.1 හා 1.8ක්, එනම් ප්‍රතිශතයක් ලෙස එහි ඉහල යාම 39%, 15% හා 81%කි.
ප්‍රතිශතයක් ලෙස ගත් කල මුස්ලිම් ජනගහනය 1981 පැවති මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව 81%කින් ඉහල ගොස් තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවල සාඵල්‍යතා අනුපාතය පිලිවෙලින් 3.02ක් හා 2.73කි. කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව ත්‍රිකුණාමලයේ කාන්තාවක් එක් දරුවෙක් වැඩි පුර ප්‍රසුත කරන බව එමගින් නිරුපනය වේ. (සියලුම දත්ත 2012 ජන සංගණන වාර්තාව – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.)
2042 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 25 ඉක්මවනු ඇති බව ඇස්තමේන්තු කරයි. එවිට මාගේ ඇස්තමේන්තුව මුස්ලිම් හා දෙමළ ජනගහනය මිලියන 3ක සම තත්වයට පත් වනු ඇති යන්නයි. එයට පරස්පර මත තිබෙන්නට පුළුවන.
ඥානසාර හිමි ප්රමුඛ බොදු බල සේනාව මේ තත්ත්වය ඉතා බරපතල ලෙස දකී. එනමුත් එයට විසදුම් ලෙස ගෙන ඇති පහර දීම හා විවේචන අතීසාරයට අඹුඩ ගැසීමක් වැනි තේරුමක් නැති ක්‍රියාවකි. ඥානසාරගේ මේ පළි ගැනීමේ සහ පහර දීමේ දර්ශනය පිටු පස වෙනත් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වනවා විනා ඥානසාරට එය තේරුම් ගැනීමට තරම් මොලයක් නැති කමක් නොවේ යැයි මම තරයේ විස්වාස කරමි. මෙවැනි වර්ගවාදී ප්‍රශ්න ඇති කොට “දැන් සැප දැ’යි අසන්නට මාන බලමින් සිටින කුහක දේශපාලකයින් ද නැතුවා නොවේ.
රජයක් ලෙස මෙවැනි තත්වයක් තුල කල යුතු වන්නේ දෙපාර්ශවයේම වැරදිකරුවන්ට නිතිය ක්‍රියාත්මක කර දඩුවම් දීම වුවද, සිදු වන්නේ සිය අපක්ෂපාතිත්වය හා තම හැඳි වස්ත්‍ර වල සුදු පැහැය වැඩි පුර පෙන්වීම සදහා එක් පාර්ශවයකට බරව ක්‍රියා කිරීමයි. එය අළු යට ඇති ගිනි පුපුරැ පිදුර ගොඩකින් වැසීමට උත්සහ කිරීමකි.
වඳ වී යන භාෂාවන් අතරින් ඉඳුරාම අන්තරායකර මට්ටමේ පවතින භාෂාවක් ලෙස සිංහල භාෂාව යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති අතර එය වලක්වා ගැනීමට හෝ රැක ගැනීමට රජයක් ලෙස වගකීමක් නැතිද? සිංහල ජාතිකයන්ට එය රැක ගැනීමට ඇත්තේ කුමන අන්දමේ අයිතියක් ද?
පවතින රජය සිංහල ජාතියක් ලෙස රැක ගැනීමේ ස්ථාවරයක සිටි යැයි මම විස්වාස නොකරමි. ඒ සුළුතර චන්ද වල ඇති වටිනාකම සැලකිල්ලට ගැනීමෙනි.
නමුත් රජයක් තම ප්‍රධාන ජාතිය රැක ගැනීමට දරන උත්සාහය අනෙක් ජාතින් ගේ අයිතීන් නැති කිරීමක් නොවේ.
මේ ඥානසාරගේ දර්ශනය වෙනස් කිරීමට කාලයයි. ඒ අනෙක් ජාතීන්ගේ ජිවත් වීමට හා ආගම ඇදහීමට ඇති අයිතීන් තිබියදී තම ජාතිය රැක ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට රජයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට බල කිරීම හා තම ජාතින් දැනුවත් කිරීමටත් කටයුතු කිරීමයි.
තම ජාතිය වැඩි පුර බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබද සිංහල ජනයා දැනුවත් කිරීම විනා අනෙක් ජාතීන්ට පහර දීමෙන් හෝ වර්ගවාදී ප්‍රශ්න ඇති කිරීමෙන් මෙයට පිළියම් සෙවිය නොහැකි බව දැන්වත් පසක් විය යුතුය.
What is telling correct.
කැමතියිකැමතියි
ඔබගේ ප්‍රතිචාරයට ස්තුති.
කැමතියිකැමතියි
The Read Us සබඳ,
රාජකීය පණ්ඩිත ගලබොඩ අත්තේ ඥානසාර හිමි යනු සැබෑ ප්‍රශ්නවලින් ඉවතට ජනතාවගේ අවධානය යොමු කරවීම සඳහා විවිධ දේශපාලන බලවේගයන් විසින් විවිධ කාලවල දී භාවිත කෙරෙන විකාර චරිතයකි. එපමණි.
ආගම ඇදහීම පෞද්ගලික කාරණයකි. මා ආගම් අදහන්නේ නැති වීම මගේ පෞද්ගලික කාරණයකි. මා ආගම් අදහන්නේ නැති වුව ද අන්‍යයන් ආගම් ඇදහීමට මම විරුද්ධ නො වෙමි. මා විරුද්ධ යම් ආගමක් ඇදහීම දරුවනට අනිවාර්ය කිරීමටත්, යම් ආගමක් පමණක් ඉගැන්වීමටත් ය. කළ යුත්තේ ආගම් ඇදහීම නො ව අධ්‍යයනය ය. ඉගැන්විය යුත්තේ ආගම් මිස ආගමක් නො වේ.
යම් අයකු ක්‍රිස්තියානි පවුලක උපන්නේ නම් එම තැනැත්තා බොහෝ විට ක්රිස්තියානියකු බවට පත් වේ. යම් අයකු බෞද්ධ පවුලක උපන්නේ නම් එම තැනැත්තා බොහෝ විට බෞද්ධයකු බවට පත් වේ. එසේ නො වන සුවිශේෂී අවස්ථා ඇති මුත් ඒවා දුලබ ය. අහඹු වූ උපතක් නිසා ලැබුණු ආගමක් උදෙසා එකිනෙකා මරා ගැනීම අඥභාවයකි.
රාජ්‍ය ආගමික වීම විනාශයක මුල ය. රාජ්‍ය සහ ආගම එකිනෙක බැඳුණු බොහෝ තැන්වල ඉතිහාසය පුරා ගැටුම් ය. මා ලංකාවේ දේශපාලනඥයන්ගේ අකැමැති ම ලක්ෂණයක් නම් යම් ධුරයක් ලැබූ දින සිට ම මහා නායක හිමිවරුන් බැහැ දැක උපදෙස් ලබා ගැනීම ය. එය නිල වශයෙන් සිදු විය යුතු නැත. එය පෞද්ගලික කාර්යයකි. වර්තමානයේ දී ආගමික නායකයන් යනු විශ්වසනීය උපදේශකයන් බව මම නො පිළිගනිමි.
ලෞකික රාජ්‍යයක් සහ අධ්‍යාත්මික ආගම් පිළිබඳ වෙන ම පසු ව කතිකා කළ යුතු ය. එය ගැඹුරු සංවේදී මාතෘකාවකි. මා ආගම් අදහන්නේ නැති බව පැවසීමෙන් ආගම් අදහන අයගේ සිත් රිදවීමට මා කිසි අයුරකින් අපේක්ෂා නොකළ බව විශේෂයෙන් සටහන් කරමි.
සිංහල භාෂාව පිළිබඳ ඔබ ලියා ඇති අදහස් පිළිබඳ මම ඉතා සතුටු වෙමි; මගේ ශීර්ෂ ප්‍රණාමය පුදමි. සිංහලයන් වශයෙන් සිතා කළ යුතු කිසියම් කාර්යයක් ඇති නම් ඒ සිංහල භාෂාව රැක ගැනීම ය.
ඔබ ලිපිය අවසන් කරන ඡේදය අගනා ය. තම නොහැකියාව පිළිබඳ අනෙකාගේ හැකියාවට අවලාද නඟා ඵල නැත!
ඔබගේ ලිපිය ඉතා වටිනා, කාලෝචිත ලිපියකි.
බන්ධුල කුදලාගම,
සදම්ටනය.
කැමතියිකැමතියි
කුදලාගම මැතිදුනි,
ප්‍රමාද වීම පිලිබදව ප්‍රථමයෙන් සමාවන්න , මේ දිනවල කාර්ය බහුල වීම නිසා වියුනුව කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි විය.
බොහෝ දිනක නිහැඩියාවකින් පසු ඔබගේ අදහසක් කියවීමට ලැබීම මට සතුට ගෙන දෙන්නකි. ඔබ පිලිබදව මට කිහිප විටකම මතක් වුවද සුව දුක් විමසීමට මගක් මට නොවිය. ඔබ බොහෝ දිනක් නිහඩව පසු වුයේ අසනීප තත්වයක් නිසා ද? ඔබ සුවෙන් ඇතැයි සිතමි.
කැමතියිකැමතියි
Yes! Finally something about porn.
කැමතියිකැමතියි
Very nice article, exactly what I needed.
කැමතියිකැමතියි
Why you need it?
කැමතියිකැමතියි