සම්බුද්ධ තෙමගුල කොයිබටද?

උපත, බුදුවීම හා පිරිනිවීම සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දින මම මගට ගොස් එහි අසිරිය මදක් වින්දෙමි. හිරු කෙමෙන් වියැකී යද්දී වෙනදාට අඩු වන රථවාහන අද එහි නොවිය. කාර්, වෑන් ,ලොරි භාග, යතුරු පැදි මෙන්ම පා පැදි ද එහි අඩුවක් නැත.  උසුළු විසුළු සිනා හඩ අතර නලා හඩ ද රැවු පිලිරාව  දුනි. ඒවා  පරයමින් ඇදී  ආ ගිලන් රථයක හඩටද ප්‍රතිචාර දැක්වීමට ජනයාට නිනව්වක් නැත. ඉක්මනින් ගොස් වෙසක් අසිරිය බලා ආතල් එකක් ගැනීමේ සිහිනයෙහි ඔවුන් ගිලි ඇත.

මග ඇවිද යන සෙනග අතරින් බොහෝ අය සොයන්නේ තම කාමුක අස්වාදයන්ට ගොදුරුය. තම ජීවිතයන්ට සහකරුවන් හෝ සහකාරියන් ය. තද බද පවතින අවස්ථාවක කවුරුන් හෝ බලන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටය. තම මලයා ගැහැණු කෙනෙකුගේ ලැම මිරිකන අයුරු දුටු ඔහුගේ අය්යා ඔහු අත තිබු කුඩයෙන් මලයාගේ හිසට පහරක් ගැසිය. එයින් උරණ ඌ මල්ලි, ” අද වගේ දවසකවත් තනක් මිරිකපුවම මොකද වෙන්නේ ” යයි තම සොහොයුරාගෙන් ඇසියේ මා සිටි තැනදිමය.
තනක් මිරිකපුවම මොකද වෙන්නේ යන්න වෙනම කාරණයකි. මට කල්පනා කිරීමට සිදු වුයේ අද වගේ දවසක යන වචනයයි. ” අද වගේ දවසක, වෙසක් පුන් පොහෝ දින.”

අද වගේ දවසක අනිත්‍ය සංස්කාරය මෙනෙහි කරමින් පෘතග්ජන අප සියලු දෙනා සිටිය යුතු යැයි මා කියන්නේ නැත. එය ප්‍රයෝගිකව සිදු නොවන දෙයකි.  නමුදු ලෞකික වූ සිත් තුල පහල වන චේතනා වලට ලෝකෝත්තර වූ හරයන් පවතී. පවතින දානමය පිංකම්, සැරසිලි හා ආලෝක පුජා අතර බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වන්නේ කීයෙන් කී දෙනෙක්ටද ? පිරිනිවීමෙන් පසු වසර 2561 ගෙවුනද ප්‍රාඥයන් වහන්සේගේ සුවහසක් ගුණ සමුදාය නිසා අදටත් පවතින එම පින්කම් කෙරෙහි සතුටු වුයේ කවරහුද? තෙමගුලෙහි අසිරිය සැබෑ ලෙස විදිය හැක්කේ ඔවුන්ටය.

12 thoughts on “සම්බුද්ධ තෙමගුල කොයිබටද?

Add yours

  1. The Read Us සබඳ,

    //උපත, බුදුවීම හා පිරිනිවීම සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දින මම මගට ගොස් එහි අසිරිය මදක් වින්දෙමි. හිරු කෙමෙන් වියැකී යද්දී වෙනදාට අඩු වන රථවාහන අද එහි නොවිය. කාර්, වෑන් ,ලොරි භාග, යතුරු පැදි මෙන්ම පා පැදි ද එහි අඩුවක් නැත. උසුළු විසුළු සිනා හඩ අතර නලා හඩ ද රැවු පිලිරාව දුනි. ඒවා පරයමින් ඇදී ආ ගිලන් රථයක හඩටද ප්‍රතිචාර දැක්වීමට ජනයාට නිනව්වක් නැත. ඉක්මනින් ගොස් වෙසක් අසිරිය බලා ආතල් එකක් ගැනීමේ සිහිනයෙහි ඔවුන් ගිලි ඇත.//

    ඉහත ආරම්භක ඡේදය කිය වූ මා සිතුවේ ඔබ යළිත් කෙටිකතාවක් පළ කර ඇති බව ය. මාහැඟි කාව්‍යමය භාෂා ව්‍යවහාරයකි. ඔබගේ මෙම වියුණු සටහන චූල ගද්‍ය කාව්‍යයක් වැනි ය.

    ඔබ නඟන පැනය වැදගත් එකකි. වෙසක් දිනය හා ආශ්‍රිත වෙසක් සැණකෙළි නැරඹුම මළ කෝලමක් වී ඇති බව මට ද හැඟේ. ආමිස පූජාවේ වරදක් මම නො දකිමි. එහෙත් එහි අරමුණ විය යුත්තේ බුදුගුණ සිහි කිරීම ය. වෙසක් සැමරුමට මෑත කාලයේ දී එම මංගල්‍යට අනුචිත අංග රැසක් එක් ව තිබිණි. එවැනි අංග පිළිබඳ පාලනයක් ඇති කිරීමට මෙවර වෙසක් සමයේ දී කටයුතු කෙරෙන බව මම යම් ප්‍රවෘත්කියක කියවීමි. එහෙත් පුද්ගල ආකල්ප යනු රජය විසින් හෝ නීතිය විසින් හෝ පමණක් ශික්‍ෂණය කළ හැකි දේ නො වේ. එසේ ම යහපත් ආකල්ප පුද්ගලයා තුළ රෝපණය කළ යුත්තේ කුඩා කාලයේ දී ම ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    කැමතියි

    1. කුදලාගම මැතිදුනි,
      ඔබගේ අදහස නිවැරදිය. යමක් කරන්නට පෙර සිතන්නට කුඩා කලදීම පුරුදු කල යුතුය. එයින් අවස්ථාවට ගැලපෙන ලෙස හැසිරීමට ඔවුන් හුරු වනු ඇත.එය අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවතින දෝෂයක් ද විය හැකිය. පවත්නා යම් යම් තත්වයන් තුල අනුන්ට සිදු වන අපහසුතා පිළිබද මෙලෝ හසරක් නොමැතිව හැසිරෙන වැඩිහිටියන් අපට නිතර දක්නට ලැබේ. මාර්ග අලුත්වැඩියා කටයුතු නිසා පටු වූ මාර්ගයක දෙපස කිසි අවබෝධයකින් තොරව රථ වාහන නවතා ඇති ආකාරය මම දුටිමි. ඉන් මදක් ඔබ්බට හෝ පිටුපසට වන්නට ඕනෑ තරම් ඉඩ තිබියදීත් එවැනි ආකාරයට රථ ගාල් කර ඇත්තේ මන්දැයි මට ගැටළුවක් විය. සමාජයේ වර්තමානයේ ජිවත් වන මිනිසුන් කෙරෙහි ද තැකීමක් නොකරන ජාතියක් ලෙස අප, වසර 2561 කට පෙර විසු ප්‍රාඥයන් වහන්සේ කෙරෙහි කවර තැකිමක්ද?

      කැමතියි

  2. Deste modo as flores irão insistir mais tempo
    e também ficarão com um aspeto mas moderado e também bonito.
    porque sei que Este tem círculos concêntricos de flores com diferenças de cor bem destacadas. http://yjusaryzokne.Mihanblog.com/post/comment/new/46/fromtype/postone/fid/14959171605929e26886a68/atrty/1495917160/avrvy/0/key/03be3843cab26450baf23712986bd454/

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: