සොරකමක් නොවෙන සොරකමක්.

තමුන් සතු දෙක අනෙක් අය හට බෙදා දීමෙන් තමුන්ට ඉතිරි වන්නේ 0කි. ඒ ගැන විමල් විරවන්සට හොද අවබෝධයක් තිබිණි. 2න් 2ක බෙදු විට 0යි කියන්නේ ඒ නිසාය. අමාත්‍යංශය සතු වාහන 40ක් ඔහු ඔහුගේ භාවිතයට යොදා ගත්තේ නැත. ඒවා සියල්ල අනෙක් අයගේ උවමනාවන් පියවීම සදහා යොදා ගන්නට අවසර දී තිබේ. ඔහු ඒවා ලබා දීමේදී රජයේ සේවකයන්ද, නොවේද , ඥාතීන් ද නොවේද යන්න විමසා නැත. රැකියාවන් කරන්නන්ටද නොකරන්නන්ටද වෙනසක් නොකර ඒවා පරිහරණයට ලබා දී තිබේ. ඔහු කර ඇත්තේ සමාජ සේවයකි.

ඔහු හිටපු නිවාස  හා ඉදිකිරීම් අමාත්‍යවරයා පමණක් නොව දෝෂාභියෝග කමිටුවේද සාමාජිකයෙක් වී හිටපු දුෂිත අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමටද දායක වී ඇති වැදගත් කාර්යභාරයක් කල අමත්‍යවරයෙකි. හරි වැරැද්ද කුමක් දැයි ඔහු හොදින් දනී.

හිටපු වීරවංස අමාත්‍යතුමා හොද කථිකයෙකි. එය ඔහුට පමණක් උරුම වී පැමිනියක් නොව ඔහුගේ පවුලේ සියලු දෙනාටමත් ඇති කථිකත්වයක් බව ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේදී ප්‍රදර්ශනය විය. විමල්ගේ නෑනා කෙනෙකු කතා කල අන්දමින් ඇයද කොතරම් දක්ෂ කථිකත්වයක් ඇති කාන්තාවක්ද යන්න අපට හොදින් අවබෝධ විය. ඉදිරියේදී ඇය ජාතික නිදහස් පෙරමුණෙන් මැතිවරණයට තරග කලද එය පුදුම වීමට හේතුවක් නොවේ. ඇයටද මේ රටේ ප්‍රගතිශීලි බුද්ධිමත් ජනතාව තම වටිනා ජන්දය භාවිතා කරනු නියතය.

වීරසන්ගිලි පනික්කියලගේ පොඩිනෙරිස් නැටුම් ගුරුතුමාට දාව 1965 ඉපදුනු විරසන්ගිලි පනික්කියලගේ විමලසේන තම දිනිදු පවුල ගොඩ ගත් වීරයෙකි. ඉතා උනන්දුවෙන් රට වෙනුවෙන් සේවය කරමින් ජාතිමාමකත්වය, දේශප්‍රේමය ජනතා සිත් තුල තැම්පත් කරමින් වෙහෙස මහන්සි වී තම දුපත්කම ට එරෙහිව දිරිමත්ව නැගී සිටි එතුමා දැන් බොහෝ වත්කම් උපයාගෙන ඇත්තේ තම දිරිය සහ ආත්ම විස්වාසය ගැන අපට බොහෝ පාඩම් කියා දෙමිනි.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද කරවටක් පිරිත් නුල් ද සමගින් අත්අඩංගුවට පත් එතුමාට ආශීර්වාද කලේ සොරකමටද, අත්අඩංගුවට පත් වීම නිසාද යන්න මට ඇති ප්‍රශ්නයකි.

7 thoughts on “සොරකමක් නොවෙන සොරකමක්.

Add yours

  1. සබඳ The Read Us,

    මෙය අතිවිශිෂ්ට කියවීමකි. අදාළ සිද්ධිය පිළිබඳ ඉතා වැදගත් නිරීක්ෂණ කීපයක් සහ අර්ථකථන කීපයක් මෙම ලිපියේ අඩංගු ය. ඔබ එය පාඨකරුචිකර ලෙස ඉදිරිපත් කර ඇත. විභූති දෙක දෙකෙන් බෙදූ විට බින්දුව ය යි පැවසීම පිළිබඳ ඔබගේ විග්‍රහය මාහැඟි යි.

    මා ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරී නැති නිසා මෙය බොහෝ අය සමඟ බෙදා ගන්නට නොහැකි ය. එහෙත් මෙම ලිපියේ පුරුකක් මගේ හිතවතුනට යවන්නෙමි. මා ප්‍රිය අරුණ සහ සරස, මෙම ලිපිය අනෙක් අය වෙත යොමු කරන්න.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    Liked by 1 person

    1. කුදලාගමයෙනි, ඔබගේ මනරම් භාෂණයෙන් ඔබ මට ලිවීමට ලබා දෙන පන්නරය වචනයෙන් විස්තර කල නොහැකිය. ඔබගේ අව්‍යාජ හා අවංක විචාරය මට නිරන්තර මග පෙන්වීමකි. ඉදිරියටත් ඔබගේ අත්වැල අපේක්ෂා කරමි. ස්තුති.

      කැමතියි

  2. මා මග පෙන්වීම ඔස්සේ මෙහි ආවෙමි.

    සියලු මැති ඇමතිලා තම අමාත්‍යන්ශයට අයත් ඔවැනි වාහන තම තමන් ගේ හෙන්චයියලා ට දෙති. සිරිසේනත් සෞක්ය ඇමැති කාලේ ඇන්ඩර්සන් ෆ්ලැට් පැත්තේ හිටි කෙනෙකුට මේ වගේ දෙයක් කරලා හත් පොලේ ගාගෙන සිටියා ය කියා කතාවක් ද තිබේ.

    හැබැයි මෙතැන සිදු වුනේ විමලයා ව හිරේ දමන්න පොටක් හොයමින් හිටි අය මේ අවබාවිතාව මූලික කරගෙන ඔහු ව හිරේට තල්ලු කිරීම ය,

    මෙය ඉතාම වැදගත් පූර්වාදර්ශයකි!!

    මේ ආන්ඩුව පත් වනතුරු ම තිබුනේ බොරුවට මහජනතාව ඉස්සරහ කෑකෝ ගසා තිරෙන් පිටුප්ස සිට පක්ස විපක්ස හැමෝම බෙදාගෙන කෑමකි,

    තමන් හිරේ දැම්ම නිසා විමල් ඇතුලු හිරේ ගිය කස්ටිය ඊලඟ ආන්ඩුවක දී වාහන ඇථුලු අනෙකුත් අවබාවිතාවන් සොයමින් ගොස් විරුද්ද පක්සේ දේසපාලුවන් ව හිරේ දමනවා නියතය! හැමෝටම සමාව දෙන මහින්ද මහත්ත්යාට වත් එය වැලක්වීමට නොහැකිය.

    ඒ නිසා ශ්‍රී ලාන්කීය දේශපාලකයා හිරේ යෑමට බියෙන් අවලම් වැඩ කිරීමෙන් වලකිනු ඇත!

    Liked by 1 person

    1. සා රස තුමනි,
      ඔබගේ අදහස් වලට ස්තුති. ඔබට එම අදහස් දැරීමට ඔබට ඇති අයිතියට මම ගරු කරමි.
      නමුත් ඔබ යම් යම් තැන වලදී බොහෝ අන්තගාමී යැයි මට සිතේ.

      “සියලු මැති ඇමතිලා තම අමාත්‍යන්ශයට අයත් ඔවැනි වාහන තම තමන් ගේ හෙන්චයියලා ට දෙති. සිරිසේනත් සෞක්ය ඇමැති කාලේ ඇන්ඩර්සන් ෆ්ලැට් පැත්තේ හිටි කෙනෙකුට මේ වගේ දෙයක් කරලා හත් පොලේ ගාගෙන සිටියා ය කියා කතාවක් ද තිබේ.”

      මෙහිදී ඔබ එම අවභාවිතාවන් සාධාරණිකරණය කිරීමට උත්සාහ ගන්න බවක් පෙනේ. බොහෝ අය එසේ කරන බැවින් ඔහු කලද වරදක් ඇද්ද යන්න හැගේ. මගේ අදහස එය කවුරුන් කලද වරදකි. එයට දඩුවම් ලැබිය යුතු නොවේද ?

      “හැබැයි මෙතැන සිදු වුනේ විමලයා ව හිරේ දමන්න පොටක් හොයමින් හිටි අය මේ අවබාවිතාව මූලික කරගෙන ඔහු ව හිරේට තල්ලු කිරීම ය,”

      ඔහු අත්අඩංගුවට ගැනීමට වඩා ලේසි හා ඔප්පු කිරීමට පහසු දෙයක් ලෙස මට මෙය පෙනී යයි. ඒ කෙසේ උවද ඔහුට දඩුවම් ලැබීමේ සම්භාවිතාව ගැන මා නොදනී.

      ” මේ ආන්ඩුව පත් වනතුරු ම තිබුනේ බොරුවට මහජනතාව ඉස්සරහ කෑකෝ ගසා තිරෙන් පිටුප්ස සිට පක්ස විපක්ස හැමෝම බෙදාගෙන කෑමකි,”

      මේ කියමන සම්බන්ධයෙන් නම් මා එකගය. බොහෝ විට සිදු වන්නේ මෙයයි. නැතිනම් දඩුවම් ලැබිය යුතු බොහෝ දේශපාලකයන් සිටි. ඔවුන් නිදැල්ලේ සිටින්නේ මේ හේතුවෙනි.

      “තමන් හිරේ දැම්ම නිසා විමල් ඇතුලු හිරේ ගිය කස්ටිය ඊලඟ ආන්ඩුවක දී වාහන ඇථුලු අනෙකුත් අවබාවිතාවන් සොයමින් ගොස් විරුද්ද පක්සේ දේසපාලුවන් ව හිරේ දමනවා නියතය!”

      ඉහත ආකාරයට හෝ වැරදි කරුවන්ට දඩුවම් දීම ගැන මගේ නම් අකමැත්තක් නැත. ඔබගේ අදහස කුමක් දැයි මා නොදනී.

      “හැමෝටම සමාව දෙන මහින්ද මහත්ත්යාට වත් එය වැලක්වීමට නොහැකිය.”

      එම ප්‍රකාශය තුල බරපතල සත්‍යක් ගැබ්ව පවතී. හැමෝටම සමාව දෙන මහින්ද මහත්ත්යා නොව හැමෝටම හොරකන් කිරීමට අවස්ථාව දුන් මහින්ද මහත්තය ය. ඔහු සමාව දුන්නේ සොරකන් කිරීමටය. ඒ ඔබේත් මගෙත් අප සැමගේත් ධනයයි.

      ආණ්ඩුව කුමක් හෝ වේවා කවුරුන් කෙසේ කලද එම අවභාවිතාවන් අනුමත කල නොහැක. බැදුම්කර සිද්දියට ද වංචාවක් වී ඇත්නම් ඊලග ආණ්ඩුවෙන් හෝ දඩුවම් විදීමට වර්තමාන බලධාරීන් බලාපොරොත්තු විය යුතුය.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: