උසාවි නියෝගය සහ හම්බන්තොට උද්ඝෝෂණය

1055332757hambantota

ලී කොන් යු ලියු The Singapore Story නම් පොතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගනු ලැබූ දේශපාලන තීන්දු ගැන විස්තරයක් තිබේ. එම විස්තරය අවසානයේ ඔහු අපුරු වාක්‍යක් සදහන් කර තිබිණ.
“It is sad that the country whose ancient name Serendip has given the English
language the word “serendipity” is now the epitome of conflict, pain, sorrow and hopelessness.”
අතීතයේදී ශ්‍රී ලංකාව හැදින්වීමට Serendip යන නාමය භාවිතා කළහ. නමුත් වර්තමානයේ පවතින බලාපොරොත්තු රහිත, දුක්ඛදායක, වේදනාකාරී සහ එකිනෙකාට විරුද්දව ගැටුම් ඇති කර ගන්නා තත්ත්වය මත serendipity (ඉරණම) විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ කිසිඳු නායකයෙකු තමුන්ගේ ගොඩ වඩා ගැනීම සහ බලය රැක ගැනීම මිස, රට ගැන හෝ රටේ දියුණුව ගැන කිසිදා සිතුවේ නැත. බලය හමුවේ අන්ද මන්ද වන නායකයන්ට නිවැරදි තීරණ ගත නොහැක. එදා මෙදා තුර ගන්නා ලද බොහෝ වැරදි තීරණ නිසා බොහෝ මිනිසුන්ට දුක්ඛදායක, වේදනාකාරී ඉරණම් වලට නතු වීමට සිදු විය.

පක්ෂ බේදයකින් තොරව දැන් වන්නේ ද එයයි. කිසියම් කෙනෙකු රට සංවර්ධනය කිරීමට දායක වන්නේ නම් අනෙක් පාර්ශවය සිතන්නේ එය තමාගේ පරාජයක් බවයි. හම්බන්තොට සිදුවන ව්‍යපෘති වාසිදායක හෝ අවාසිදායක බව මා මෙහිදී නොපවසමි. එහි පවතින වාසිදායක බව හෝ අවාසිදායක බව ගැන මා නිවැරදිව කරුණු කීමට නොදනී. ඊයේ උද්ඝෝෂණයට පැමිණි උදවියද එය ගැන හරි හැටි අවබෝධයක් තිබී යැයි මා සිතන්නේ නැත. නමුත් ලංකාවට සියයට සියක් හිතකර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එයට විරුද්දව සටන් කරන අයනම් නොසිටිය නොහැක.

නමුත් මා හට පැවසීමට අවශ්‍ය වුයේ මෙය නොවේ. මෙය දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර පැවැත්වූ උද්ඝෝෂණයකි. නාමල්, ඩලස්, ශෂේන්ද්‍ර, ගම්මන්පිල, වැන්නන්ගේද ( කිසිම දේශපාලකයෙකුට මහතා යන්න භාවිතා නොකර ලිවීමේ ප්‍රතිපත්තියක් මා තුල පවතී. 6වෙනිදා ලක්බිම පුවත්පතට අනුව පුද්ගලයෙකු ඝාතනය කර සිර දඩුවම් විදින දුමින්ද සිල්වා, මහතෙකු වුයේ කෙසේද යන්න මා නොදනී. එක්තරා පුද්ගලයෙකු මගෙන් ඇසු පැනයකට පිළිතුරකි.)
සහභාගිත්වය පැහැදිලිව ප්‍රදර්ශනය වුනි. එසේ තිබියදී වෙනත් පුද්ගලයින් පමණක් අත්අඩංගුවට පත්වුයේ කෙසේද? උසාවි නියෝගය බල පවත්නේ ඔවුන්ට පමණක් ද ?

3 thoughts on “උසාවි නියෝගය සහ හම්බන්තොට උද්ඝෝෂණය

Add yours

  1. වැදගත් ප්‍රශ්නයකි. නීතිය සැමට සමාන ව ක්‍රියාත්මක නො වන බව පැහැදිලි ය. එය දීර්ඝ කාලයක සිට පැවති ඛේදනීය තත්වයකි. අතීතයේ දී නීතියේ අවභාවිතය සිදු වූයේ නීතියේ පැවති ලුහුඬුකම් උපයෝගී කර ගැනීමෙනි. එනිසා එකල නීතිය අවභාවිත වන විට එය යම් තර්කණයක් මත සිදු විණි. මෙකල නම් නීතිය ඉතා විසුළු සහගත ලෙස අපහරණය වේ. නෛතික තර්කණයේ කසී සළුවලින් විනිර්මුක්ත ව නග්නාකාරයකින් නීතිය මෙකල අවභාවිත වේ. නීතිය ක්‍රියාත්මක වීමේ එම විසුළු වරණීය ස්වභාවය ප්‍රස්තුත සිදු වීම තුළ ගැබ් ව තිබේ. ඔබ එය මතු කර ඇති ආකාරය ප්‍රශංසනීය යි. නීතිය ක්‍රියාත්මක වීමේ වරණීයත්වය මෙලෙස නග්න ව ප්‍රදර්ශනය වීම එක් ආකාරයකින් හොඳ ය. අවම වශයෙන් දැන්වත් මහජනතාවට පවතින සමාජ ක්‍රමයේ අඵලත්වය එකී නග්න ප්‍රකාශනය මඟින් හෝ සංවේදනය වුව හොත් යහපත් ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Website Powered by WordPress.com.

ඉහළ ↑