දුම්රිය ගාස්තුවෙන් 1/3 ගෙවා රාජ්‍ය සේවකයෝ කාර්යාලවලට යති. එහි ගොස් තමුන්ගේ පුද්ගලික වැඩ රාජකාරි සියල්ලක්ම පාහේ කර ගනිති. ප්‍රමාද වී ගොස් කලින් වෙලාවක් දමති. තමන්ගේ අත්සන තමුන්ට වැඩිය හොදට දමන්නෙක්ට කියා ගස්සවා ගනිති. දුරකථන ඇමතුම්, පුවත්පත්, පරිගණක ක්‍රීඩා සියල්ලක්ම පරිහරණය කරති. කාර්යාල වේලාව අවසන් වනතෙක් අලස කමින් කාලය කා දමමින් හිද කිසිවක් නොකර ගෙදර යති. කාර්යක්ෂමතාව ඉහල දැමීමට හෝ වෙනත් පරිපාලන වෙනස්කම් කිරීමට සැරසෙන විට එය තමන්ට ගැලපෙන්නේ කෙසේද යන්න දහ අතේ කල්පනා කරති. අමතර දීමනාවක් සොයා ගැනීමට එය බාදාවක් වන විට වර්ජන, උද්ඝෝෂන හා පෙළපාලිය. කම්කරුවන් මත් පැන් පානය කොට රාජකාරි කරති. නියමිත පරිදි රාජකාරිය නොකොට ඔවුන් වැටුප, මහජනයාගේ බදු මුදල් සොරා ගනිති. නියමිත පරිදි මහන්සි වී වැඩ කරන්නේ පොලිසිය හා රේගු නිලධාරින්ය. ඔවුන් මහන්සි වී වැඩ කරන තරමට පළ නෙළති.
පෞද්ගලික අංශයේ සේවකයන් ඔවුන්ට වඩා මහන්සි වී වැඩ කරති. දුම්රියේ තුන්වෙනි පන්තියේ සිර වී රැකියාවට එති. කාර්යාලයේ මුද්‍රණ කොළ, පැන්, පැන්සල්, නිවෙස් වලට රැගෙන යති. බොරු බිල් පත් යොදා ආයතනයෙන් මුදල් ලබා ගනිති. ආයතනයේ මිලදී ගැනීම් වලින් කොමිස් මුදල් ලබා ගනිති. අභ්‍යන්තර පාලනයේ දුර්වලතා සොයාගෙන ඒවායින් රිංගා යති.
වෙළෙදුන් කූට උපක්‍රම භාවිතා කරමින් මහජනයා ගසා කති. ශරීර වලට හානිකර ලෙස අහාර සපයා මුදල් ගනිති. ඉතුරු වන සිල්ලර මුදල් පාරිභෝගිකයාට නොදී සොරකන් කරති. පාරිභෝගිකයා වැඩි පුර අහාර ගෙන අඩු ගණනකට ගෙවීම් කරති. වැරදීමකින් හෝ වැඩිපුර දෙන ඉතිරි කාසි සාක්කුවටම දමා ගනිති.
බස් මගින් බස් වල මුදල් නොදී යන්නටම වැයම් කරති. කොන්දොස්තරවරු ඉතිරි රුපියලත් නොදී ඉන්නටම වැයම් කරති. ඉතිරි කාසි බහිද්දී ඉල්ලා ගන්නැයි කියා පිටු පසින් බහින මගියා දැක දැක ඉස්සරහට යති. සිගන්නන්ද සොරකන් නොකරන රුපියල කොන්දොස්තරවරු නම් පැන පැන සොරකන් කරති.
සිගන්නන්ගේ ව්‍යාපාරයද සොරකන් වලින් අඩු නැත. බඩ ගිනි කෑමට යමක් අරන් දෙන්න යැයි කියා ලබා ගන්නා කෑම පාර්සලය එම කඩයටම නැවත විකුණති. බොරුව, රැවටීම මගින්ම අනිත් අයගේ මුදල් සොරකන් කරති.
ත්‍රීවිල්කරුවන් රථ වලට මීටර් සවි කරගෙන සොරකන් කරති. කිලෝමීටරයට රුපියල් පනහක් වන විට කිලෝමීටර් දෙකක් ගිය පසු ගණන තුන් ගුණයක් පමණ වන ලෙස මීටර් සාදා ගනිති. සමහර මීටර් අතින් වෙනස් කල හැකි පරිදි සකසාගෙන සොරකන් කරති.
පන්සල් වල හාමුදුරුවරුන් පින් කැට වල මුදල් ලබාගෙන ජංගම දුරකථන මිලදී ගනිති. දුරකථන බිල් පත් ගෙවා දමති. හමුදුවරුන්ට තරම් නොවන වැඩ කරමින් සොරා කති. පල්ලි වල පුජකයන්ද මිට දෙවෙනි නොවෙති. ඔවුන් මුදල් නිවෙස් වලට යවති. වාහන මිලදී ගනිති. උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කර වැඩි වැඩියෙන් මුදල් සොයාගෙන සොරකන් කරති.
ඕකි මෙකි නොකී අන් අයත් අඩු වැඩි වශයෙන් සොරකන් කරති. සොරකන් කිරීමට මාන බලති. ගානක් සොයා ගන්නේ කෙසේ දැයි දහ අතේ කල්පනා කරති. අසු නොවේ කියා දන්නවනම් සොරකන් කිරීමට බොහෝ පුරවැසියෝ ලංකාවේ සිටිති.
රුපියලත් සොරකන් කිරීමට පුරවැසියන් සිටින රටක මිලියන ගැන කවර කතාද? දේශපාලකයන් රුපියල අමතක කොට මිලියන ගැන සිහින දකිති. මිලියන සොරකන් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගනිති. නීති පද්ධති වලින් රිංගා ගොස් සොරකන් කරති. නීති පද්ධති වල හිඩැස් පිරවීමට උත්සුක නොවෙති. තමුන්ට පමණක් නොව අනාගත පරම්පරාවට සොරකන් කිරීමට අවශ්‍ය මග සකසා දෙති.
සොරකන් කර හෝ දියුණු වන මිනිසුන් ගැන, මිලියන ගණන් තියා රුපියලක් හෝ සොරකන් කිරීමට නොහැකි අප ඉර්ෂියාවෙන් ඉවසුම් නොමැතිව කෑ ගසති, කම්පා වෙති.
ප්‍රතිචාරයක් ලබාදෙන්න