මා ඇමෙරිකානු ජනාධිපතිවරුන් බොහෝ දෙනෙකු දැක ඇත. නමුත්, ඇමෙරිකාව දැක ඇත්තේ මා පමණකි.

ලොව කුප්‍රකට ඝාතන රජවරුන් වන ඇමෙරිකාවේ CIA සංවිධානය ඇතුළු අනිකුත් ඇමෙරිකානු සංවිධාන බොහොමයක් ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමට 638 වතාවක් උත්සහ කල බව කියවේ. ඇමෙරිකානු අත මානයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සැතපුම් 90ක් දුරින් පිහිටි කියුබානු දුපත සමාජවාදී බල කදවුරක් සේ නැගී සිටීම, ධනවාදී ඇමෙරිකානු කදවුරේ අභිමානයට එල්ල කල පා පහරක් සේ ඇමරිකානුවන් සිතන්නට ඇති.ඒ කෙසේ වුවද, උපක්‍රමික වශයෙන් ඇමෙරිකාවට එරෙහි යුද්දයකදී  කියුබානු වරායන්ගේ ඇති වැදගත් කමද ඔවුන්ගේ සිතේ මුලික වශයෙන්ම සටහන් වී තිබිය යුතුය. කියුබානු වරායන් ඇමෙරිකාවට එරෙහිව ඉතා වැදගත් අවියක් සේ යොදා ගත හැකි සේම, ඇමෙරිකාවටද කියුබානු  වරායන් තම සතුරන්ට එරෙහිව මුලික ආරක්ෂක වළල්ලක් (First Line of defense )සේ යොදා ගත හැකිය.

ඇමෙරිකාවේ 3වෙනි ජනාධිපතිවරයා වන තෝමස් ජෙෆෙර්සන් (1801-1809) පවා බටහිර අර්ධගෝලයෙන් ඇති වන තර්ජනයකදී තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හා කියුබාවේ ඇති වැදගත්කම පිලිබදව ඒ වකවානුවේදී පවා අවදානය යොමු කර තිබිණි.  එහි වැදගත්කම එසේ තිබියදී, රුසියානු මිසයිල ස්ථානගත කිරීම සදහා අවකාශ සැපයීමට අවශ්‍ය ඉඩ කස්ත්‍රෝ විසින් රුසියාවට ලබා දීම ගැන කිපුණු එවකට ඇමෙරිකානු ජනාධ්පති ජෝන් එෆ් කෙනඩි, එය 3වෙනි ලෝක යුද්දය සදහා පසුබිම වනු ඇති බව එකෙහිම ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් කියුබාව ආක්‍රමණය නොකරන පොරොන්දුව රුසියාවට ලබා දීමෙන් එහි මිසයිල කදවුර ඉවත් කර ගැනීමට ඇමෙරිකාවට හැකි විය. මෙම මිසයිල අර්බුදයට හේතු වුයේ Bay of Pigs invasion  හෙවත් කියුබානු සරණාගතයින් පුහුණු කොට ආයුද සපයා කියුබාව ආක්‍රමණය කොට කස්ත්‍රෝ ඉවත් කිරීමේ ඇමෙරිකානු සැලසුම අසාර්ථක වීමයි. මෙහිදී ඇමෙරිකාවේ බලාපොරොත්තුව වන්නේ කැරැල්ල අතරතුර එයට සහය වෙමින් කියුබානු ජනතාවගේ සහයත් ඔවුන්ට හිමි වේවි, යන්නයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු නොවිණි. කෙසේ වුවද ඔවුන් සිතුවාට වඩා දරුණු ප්‍රතිප්‍රහාරයක් ඔවුන්ට එල්ල විය. කැරලිකරුවන්ගේ සැපයුම් නවුකා බොහොමයක් ගිල්වා දැමුණු අතර ඔවුන්ට ඇමෙරිකානු  ගුවන් ආධාර ලබා දීමෙන් ඇමෙරිකාව වැලකි සිටියහ. මෙහිදී කැරලිකරුවන් සියයකට වැඩි පිරිසක් මිය ගිය අතර දහසකටත් වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුනි.

1975 දී එළිදැක්වුණු ෆ්‍රෑන්ක් චර්ච් ගේ චර්ච් කොමිටි වාර්තාවට අනුව 1960 සිට ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමට CIA  සංවිධානය ප්‍රමුඛ අනිකුත් රාජ්‍ය  සංවිධාන  උත්සහ කර තිබේ. ඒවා  කිහිපයක් නම්,

FBI ඉතා අත්‍යවශ්‍ය පුද්ගල ලයිස්තුවේ සිටි පුද්ගලයෙකුව සිටි සෑම් ගින්කානා නමැති මැරවරයා යොදා ගෙන අති මාරාන්තික විෂ සහිත පෙති 6ක් කස්ත්‍රෝ ට සම්බන්ධ විය හැකි පුද්ගලයෙකුට ඇ. ඩො. 150,000ක් මුදලක් ලබා දෙමින් ඝාතනය කිරීමට ගත උත්සාහය, කීප වරක් උත්සහ කිරීමෙන් පසු අත් හරින ලද බව සදහන්. මෙහිදී ඉහත මුදල ගෙවූ බව සදහන් වී නැති බව කමිටු වාර්තාව සදහන් කරයි.

CIA මගින් නිපදවන ලද පුපුරන සිගරට්ටු යවා තිබෙන අත‍ර ඒවා ද සාර්ථක වී නොමැත.

දිලිර අඩංගු කිමිදුම් කට්ටල හා ස්වසන උපකරණ ලබාදීමට සැලැස්වීම. කෙසේ වෙතත් එම කට්ටල ලබා දීමට හැකි වී නැත.

කස්ත්‍රෝ ගේ කලින් පෙම්වතියව සිටි මරිටා  ලොරෙන්ස් CIA කොන්ත්‍රාත් නියෝජිතයෙකු ලෙස බදවාගෙන විෂ සහිත පෙති වර්ගයක් යොදා ගෙන මර දැමීමට කරන ලද උත්සාහය. එම පෙති ශරීර ගත කිරීමට හැකි වුයේ නම් කස්ත්‍රෝ තත්පර 30කින් මිය යනු ඇති. කෙසේ වෙතත් ඇය එම අදහස අත්හැර දමා ඇත. ඉන් පසු ඇය සදහන් කරන්නේ කස්ත්‍රෝ  ඇයට සිය රිවෝල්වරය ලබාදී ” ඔබට මා මරා දැමිය නොහැකි නම්, කිසිවෙකුට නොහැකි ” යන්න ප්‍රකාශ කල බවයි.

අතීතයේ සිටම කියුබාව හා ඇමෙරිකාව අතර කිට්ටු සම්බන්ධයක් පැවතිනි. ඒ කියුබාවේ ඇති වැදගත්කම ඇමෙරිකාවට අවබෝධ වී වන්නට ඇති. කියුබාවට නිදහස ලබා දෙන්නටද ඇමෙරිකාවට ස්පාඤ්ඤය සමග යුද්ද කිරීමට සිදු විය.

ඉන් අනතුරුව මුල්‍යමය වශයෙන් මෙන්ම, හමුදාමය හා දේශපාලනික වශයෙන්ද උදවු උපකාර ඇමෙරිකාව විසින් සිදු කරනු ලැබිය.
වර්ෂ 1700දී කියුබාව ලෝක සිනි නිෂ්පාදනයෙන් 25% නිපදවනු ලැබූ අතර එහි මුලික ගැනුම්කරුවා වුයේ ඇමෙරිකාවයි.

නොයෙක් බාධක මැද, ලෝකයත් සමග කස්ත්‍රෝගේ සමාජවාදී විප්ලවය පසු ගිය නොවැම්බර් 25 දින අවසන් විය.  “ඝාතනයන්ගෙන් බේරීම ඔලිම්පික් තරගයක් නම් එහි රන් පදක්කම මට ” යැයි ඔහුගේ ප්‍රකාශය එහි දුෂ්කර බව මනාව පැහැදිලි කරයි. ඔහුගෙන් තොර කියුබාවේ හෙට දවස කුමන දිසාවක් ගනී දැයි, අප බලා සිටිමු.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: