ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරපිඩාකාමුකත්වය.

කදිරේෂන් රවිශංකර් යනු හැටන් නගරයේ බාබර් සාප්පුවක් කරගෙන යන කරණවෑමියෙකි. පසු ගිය මස 23 වෙනිදා රාත්‍රී 7.30ට පමණ හැටන්  පොලිසියේ කොස්තාපල්වරයෙකු පැමිණ දයාල් දීගහවතුර නමැති, හැටන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ කොණ්ඩය කැපීම සදහා පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස  දැන්විය. තවත් පුද්ගලයන් දෙදෙනකු පමණ කොණ්ඩය කැපීම සදහා සිටි හෙයින් දැන් පැමිණිය නොහැකි බව ඔහු පවසා ඇත.  ඉන් සුළු මොහොතකට පසු ඉහත නිලධාරියා සහ තවත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු සහ තවත් කොස්තාපල්වරයෙකු පැමිණ කරණවෑමිය රැගෙන ගොස් සහකාර පොලිස් අධිකාරිවරයාට පමුණුවා තිබේ. ASPවරයා ඔහුට පරුෂ වචනයෙන් බැන, පාහර දී ඇති අතර  පසුව රෝහලේ නැවත්වීමට පවා සිදු වී තිබේ. රෝහලේ සිටියදී, රෝහලට පැමිණ රෝහලෙන් පිටව යන ලෙස තර්ජනය කර ඇති අතර පසුව සිද්දිය සම්බන්ධයෙන් පෙළපාලියක් ද පැවැත්විණ. පසුව සිදුවුයේ අදාල ASPවරයා නුවරඑළිය පොලිස් ස්ථානයට මාරු කර යැවීම පමණකි.

පසු ගිය මැයි මාසයේදී ද මුල්ලියාවලි පොලිසිය සිවිල් ඇදුමින් සැරසී පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නැයි කියා ඔහු වරෙන්තුවක් ඉල්ලු පසු ඔහුට වෙඩි තැබීමේ සිද්දියක් වාර්තා විය.

ආසියානු මානව හිමිකම් කොමිසමේ වාර්තා අනුව 1998-2011 අතර කාලයේදී පමණක් පොලිසියට එරෙහිව පැමිණිලි 1500ක් ලැබී තිබේ. නමුත් මේ ලැබී ඇති පැමිණිලි වලට වඩා ලැබී නොමැති පැමිණිලි ගණන බොහෝ වැඩිය.

නවතම සිද්දිය නම් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට වෙඩි තැබීමේ සිද්දියයි. මෙයට පෙරද පස්යාල ප්‍රදේශයේ පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියේ 2014 ජුනි මස 10 වෙනිදාය.

මේවා ඉදිරියටද සිදු වීමට නියමිතය. මෙය ඔබට හෝ ඔබේ දරුවාට සිදු විය හැකිය. නිසි පුහුවක්, නිසි අධ්‍යාපනයක්, නිසි හික්මීමක් නොමැති කවුරුන් වුවද සමාජයේ කුමන ස්ථානයක සිටියත් එයින් වන්නේ අවැඩක්මය. මේවා වලක්වා ගැනීමට නම් යල් පැන ගිය නීති යාවත්කාලින කල යුතුය. නීති යාවත්කාලින කල පමණින්ම මේවා වලක්වා ගත නොහැක. ඔවුන්ට පුහුණුවත්, නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුය. වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ මානසික තත්ත්ව හදුනාගෙන රෝගීන් සිටිනම් ඔවුන් සේවයෙන් ඉවත්කිරිමය. ඉන් පසුවද මෙවැනි සිද්දීන් සිදු කරන අය සිටි නම් ඔවුන්ට අපරාධකාරයන්ට මෙන් සලකා දඩුවම් දීම කල යුතුය.
ඉහත ජයාරුපයේ එම නිළධාරියාගේ හැසිරීම දිහා මදක් බලන්න. ඔබ සිතන්නේ DNA පරීක්ෂණයකට ඇගේ කෙස් ගසක් ගලවා ගැනීමට ඔහු උත්සහ කරන බවද?

sri_lanka_polie-scotland

දෙවන ජයාරුපයේ ඔබ දකින්නේ බිම වැටුණු නිරායුද තනි පුද්ගලයෙකුට තුන් දෙනෙකු අවම බලය යොදවන ආකාරයයි. එම නිලධාරීන්ගේ මානසික තත්ත්වය ගැන ඔබට සිතා ගත හැකිද? මා ඔවුන් දකින්නේ පරපිඩාකාමුකත්වයෙන් ඔද්දල් උණු මානසික රෝගීන් පිරිසක් බවයි. එසේ නොවේනම්, සිසු වියාපාරයක් විසුරුවා හැරීම රාජකාරියක් වූ පොලිස් නිලධාරීන් හට මෙසේ පහාර දීම අවශ්‍ය යැයි ඔබ සිතන්නේද ?

පුහුණුවකින් තොර හික්මිමකුත්, හික්මීමකින් තොර පුහුණුවකුත් ඇති පුද්ගලයන් සිටින තැනක් වන්නේ ශ්‍රී ලංකා පොලිසිය යි. යන්න, ඔබට ඕනෑම මොහොතක නැරබිය හැකිය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: